දිනයේ ගනුදෙනු ආරම්භයේ වර්ධනයක් සහිතව කොටස් වෙළෙඳ පොළේ පිබිදීමක් වාර්තා කරන ලද නමුත් ඊයේ (පෙබ.27) මධ්‍යහ්නය වන විට අනපේක්ෂිත තියුණු පසුබෑමක් කරා ගියේය. කෙසේ වෙතත් දර්ශක සුපුරුදු රිද්මයට පැමිණෙමින් කොළ පැහැයෙන් ගනුදෙනු අවසන් කිරීම විශේෂ සිද්ධියකි.
අය වැය විවාදය, ආයෝජන අංශවල නැඹුරුව සහ මූල්‍ය වෙළෙඳ පොළ හැසිරෙන ආකාරය අනුව කොටස් වෙළෙඳාම සිදුවෙමින් පවතින බව පෙනේ. ජාත්‍යන්තර මූඩි ශ්‍රේණිගත කිරීමේ ආයතනය අය වැය හිඟය අහිතකර සේ බලපානු ඇති බවට අඟවා තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකඟතා අනුව හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.2 ක ඉලක්කයක් තිබුණ නමුත් එය සියයට 6.7 දක්වා පාලනය කරගැනීම අපහසු තැනකට පැමිණ ඇති බව ද මූඩි ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතනය පෙන්වා දෙයි. මෙම අදහස් වෙළෙඳ පෙළෙ ඒකාකාරී වර්ධනයට අයහපත් සේ බලපා ඇති අතර ඇතැම් ආයෝජන කෙටිකාලීන ලාබ සහිත පැවැත්මක පවතින හෙයින් තවත් සංකීර්ණ වී ඇති බව දැක්වේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,430.45 ක් වර්ධනය වූ අතර එය දර්ශක 85.76 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,904.63 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 7.32 ක සුළු ඉහළයෑමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනුවල දී සමාගම් අටක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත අඩුම අගයක් ගත් අතර තවත් සමාගම් හතරක කොටස් මිල සති පනස් දෙකක් ඇතුළත ඉහළම අගය ගෙන තිබීම සනිටුහන් විය.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 16,752 ක් වූ අතර එහි දී සමාගම් 175 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 64 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 1.65 දක්වා අඩු අගයක් වාර්තා විය. පිරිවැටුම අනුව වෙළෙඳ පොළ උදාසීන වී ඇති බව පැහැදිලිය.
ජෝන් කීල්ස් රු. මිලියන 113 ක, චෙවරොන් රු. මිලියන 107 ක, සම්පත් රු. මිලියන 70 ක, එයිට්කන් ස්පෙන්ස් හොටෙල් රු. මිලියන 59 ක, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 49 ක, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 197 ක, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 107 ක, කොමර්ෂල් බැංකුව රු. මිලියන 47 ක, සහ ෆස්ට් කැපිටල් රු. මිලියන 45 ක වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සියලු කොටස් දර්ශකය නැවතත් ඉදිරියට