මහනුවර පල්ලෙකැලේ සියරට හර්බල්ස් 25 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සමරයි. පාරම්පරික වෛද්‍යවරයකු වන රංජන් මුහන්දිරම් මහතා 2000දී ඇරැඹූ සියරට හර්බල්ස් සහ සියරට පාරම්පරික රෝහල වෛද්‍ය උරුමය සුරකිමින් විශිෂ්ට රෝගී සත්කාර සේවා සපයයි.
ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති මුහන්දිරම් වෙද මහතා පැවැත එන්නේ දෙවුන්දර ප්‍රදේශයේ වෙද පරම්පරාවකිනි. ඔහුගේ පියාගේ පරම්පරාව සර්වාංග රෝගවලට ප්‍රතිකාර කිරීමට ප්‍රසිද්ධියක් උසුලන අතර ඔහුගේ මවගේ පරම්පරාව වන ගලගම වෙද පරම්පරාවද සියවස් ගණනාවක් පුරා විස වෙදකමට සහ ඇස් වෙදකමට ප්‍රසිද්ධියක් උසුලයි. මෙම වෙද පරම්පරා දෙක සතු පාරම්පරික දැනුමෙන් රට පුරා ජනතාවට සේවය කිරීමේ අරමුණෙන් සියරට රෝහල ආරම්භ කරන ලදී.
රෝගීන්ට සපයන සෑම ඖෂධයක්ම එම පරම්පරාවලට ආවේණික වට්ටෝරු අනුව නිපදවන අතර සියරට හර්බල්ස් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ පිහිටා තිබේ. සියරට හර්බල්ස් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව 2000දී ඇරැඹුණත් මුහන්දිරම් මහතා රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ ඊට බොහෝ කාලයකට පෙර සිටය. සියරට රෝහල සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව දේශීය හා විදේශීය සම්මාන, ගෞරව නාම, සහතික පත්‍ර 100කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලබා ඇත. 2023දී හිමි වූ සුව සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටම සේවා සපයන්නා සඳහා වන රන් සම්මානය සහ එම වසරේදීම පැවති ජනාධිපති සම්මාන උළෙලේදී හිමි වූ විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සියරට හර්බල්ස් 25 වැනි සංවත්සරය සමරයි