2026 අය වැය යෝජනා මගින් ඉලක්ක කරන සියයට හත ඉක්මවන ආර්ථික වර්ධන ඉලක්ක කෙරෙහි ආයෝජන අංශ දක්වන ප්‍රතිචාර අද ගනුදෙනුවල දී නිරීක්ෂණය කළ හැකි වනු ඇත. විප්ලවීය ප්‍රතිසංස්කරණ මාලාවක් සමග ආර්ථිකය ප්‍රසාරණය සඳහා අනුගමනය කරන ක්‍රමවේද හා එයට අදාළ අණ පනත් සම්බන්ධව ආණ්ඩුවේ තීන්දු තීරණ කෙරෙහි දක්වන ප්‍රතිචාර වශයෙන් කොටස් වෙළෙඳපොළ වර්ධනයක් සිදු විය හැකිය. වැවිලි අංශයේ වැටුප් වැඩි කරන සඳහන සහ රජයේ අරමුදල් පෞද්ගලික අංශයේ වතු සේවක වැටුප් සඳහා ගෙවීම සමග අලුත් සබැඳියාවක් ද ඇති වනු ඇතැයි සැලකේ. පසුගිය දින ගණනාව තුළ කොටස් ගනුදෙනු සිතා බලන පසුබිමක පැවැති අතර ඉකුත් සිකුරාදා අය වැය ප්‍රකාශයට පත්වීමට පැය ගණනකට පෙර සැලකිය යුතු ආකාරයෙන් මිල දී ගැනීම් ඉහළ ගිය අතර එය මිල දර්ශක ස්ථාවර තැනකට කැඳවීමට සමත් වූ තත්වයක් බව සැලකේ. 2026 අය වැය හිඟය, අපේක්ෂිත උද්ධමන අනුපාත හා අලුත් බදු ආදායම් තත්ව සමග ඉදිරිපත් කරන ලද අය වැය මගින් ඇති කරන ව්‍යුහය සම්බන්ධ අද ගනුදෙනුවල දී පැහැදිලි වේ.
සිකුරාදා (ඔක්තෝබර් 07) ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,338.25 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 225.77 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,381.47 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 71.21ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.70 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,678 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 208.6 ක් විය. සමාගම් 177 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 81 කි.
දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 143.4 ක් වූ අතර විකිණීම් රුපියල් මිලියන 234.8 කි. විදේශ ගනුදෙනුවල රටට සිදු වූ ශුද්ධ අවාසිය රුපියල් මිලියන අනූවක් පමණ වූ බවක් සනිටුහන්ය. ලාෆ් ගෑස් රුපියල් මිලියන 445ක්, සම්පත් රුපියල් මිලියන 301 ක්, බෝගල ග්‍රැපයිට් රුපියල් මිලියන 290 ක්, ඩී.එෆ්.සී.සී. රුපියල් මිලියන 245 ක්, සන්ෂයින් හෝල්ඩිං රුපියල් මිලියන 241 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රුපියල් මිලියන 239 ක් වශයෙන් වැඩිම පිරිවැටුමක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
380
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සියයට හතක වර්ධනයක් අරමුණු කරගත් මිල දී ගැනීම්