IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සියයට 75කින් විතර බිස්නස් අඩුවෙලා

කොටුව බෝධිරාජ මාවතේ J.P. Enterprises වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික එස්. මහේන්ද්‍රන්


පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය. ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී කොළඹ කොටුව බෝධිරාජ මාවතේ J.P.Enterprises  වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික එස්. මහේන්ද්‍රන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?

ඉස්සර සීසන් එක කිව්වම පිටකොටුවේ හැරෙන්න බැරි තරමට සෙනග. දැන් ගත්තම පාරිභෝකයන්ගේ පැමිණීමේ අඩුවක් සහ මිලදී ගැනීම්වල අඩුවක් දක්නට ලැබෙනවා. ගිය වසරට සාපේක්ෂව සියයට 75කින් විතර බිස්නස් අඩුවෙලා තියෙන්නේ. 


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
ප්ලාස්ටික් සහ ඇලු‍මිනියම් භාණ්ඩ වෙළෙඳාම තමයි අපි කරන්නේ. ඒ අතුරින් ප්ලාස්ටික් භාණ්ඩ වෙළෙඳාම ප්‍රධානවම සිදු කරන්නේ. තොඟ සහ සිල්ලර කියන දෙයංශයෙන්ම වෙළෙඳාම් කරනවා. මේ දවස්වල සීසන් එකක් තිබ්බත් සීසන් එකක් නැති ගාණයි. වෙළෙඳ පොළේ භාණ්ඩ තිබුණාට භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන් එන්නේ නැති තරම්. පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගන්න හැකියාවක් නොමැතිවීම බිස්නස් අඩුවෙන්න බලපාලා තියෙන්නේ. 

සල්ලි කියන දේ වෙළෙඳපොළේ කැරකෙන්න ඕනේ. එහෙම තත්වයක් දැන් වෙළෙඳපොළේ නෑ. වෙළෙඳාමට අපි මුදලක් යෙදෙව්වත් ඉන් ලාබයක් ලබන්න පුළුවන්කමක් නෑ. මේ වෙද්දී බඩුවල මිලේ අඩුවක් පැවතුණත් පාරිභෝගිකයන් මෙවැනි  භාණ්ඩ මිලදී ගන්න උත්සාහ ගන්නේ නෑ. පාරිභෝගිකයන්ගේ අතේ තියන මුදල් මූලික අවශ්‍යතා වෙනුවෙන් යෙදෙව්වම මෙවැනි  භාණ්ඩ මිලදී ගන්න යොමු වෙන්නේ නෑ. කොරෝනා වසංගතයට කලින් සිංහල අලු‍ත් අවුරුදු නැකතින් කිරි උතුරවන්න අලු‍ත් මුට්ටියක් මිලදී ගන්න පාරිභෝගිකයන් පුරුදුවෙලා සිටියා. එහෙත් දැන් එවැනි සුබ මොහොතකට අලු‍ත් භාණ්ඩයක් මිලදී ගන්නවත් යොමු වෙන්නේ නෑ. මොකද පාරිභෝගිකයන්  දන්නවා ඒ මිලට මේ භාණ්ඩය මිලට ගන්නවට වඩා මූලික අවශ්‍යතාවට ඒ මුදල යොඳවන එක සුදුසුයි කියලා. දැන් පාරිභෝගිකයන්ට වියදම විතරයි කිසිම ඉතිරියක් නෑ. 

පසුගිය වසරවල සීසන් එක මාර්තු 15වැනි දායින්  පස්සේ පටන් ගත්තා. එහෙත් දැන් එහෙම නෑ. මේ වතාවේ සීසන් එක කියලා බිස්නස් එකක් හැදෙයි කියලා විශ්වාස කරන්න බෑ. බිස්නස් කඩාවැටීමත් එක්ක වෙළෙඳ සේවකයන් ගණන අඩු කරන්න සිදු වුණා. වෙළෙඳාම තවත් කඩා වැටුණොත් දැනට ඉන්න සහයකයන්ටත් වෙන්නේ වෙනත් රැකියා සොයාගෙන යන්න තමයි. 

මනීෂා වීරසිංහ
ඡායාරූප : ලහිරු හර්ෂණ

 



අදහස් (0)

සියයට 75කින් විතර බිස්නස් අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site