නිමල කොඩිතුවක්කු
|
අයිඩියල් මෝටර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා අදහස් දක්වමින්. යූරෝ මෝටර්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රවීන්ද්‍ර සේනාරත්න, ඬේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්හි මහේෂ් ගුණතිලක යන මහත්වරු දේශීය උපාංග නිෂ්පාදන කර්මාන්ත හිමියෝ පිරිසක්ද මෙහි වෙති. |
රේගු ආනයන බදු සියයට30 ක් අයකිරීම ඇතුළු බදු සහ මෝටර් රථ ආනයනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි එම නිෂ්පාදකයෝ පවසති.
නව බදු අයකිරීම හේතුවෙන් වාහන නිෂ්පාදන වියදම් වැඩිවීමෙන් කර්මාන්තය අනතුරට ලක්වී එම අවස්ථා ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ඇදීයාමේ අවදානමක් පවතින බවද අයිඩියල් මෝටර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා පැවසීය.
මේ හේතුවෙන් ට්‍රක්රථ, යතුරුපැදි මෝටර් රථ ඇතුළු වාහන නිෂ්පාදන සමාගම් 17 ක තිස්දහසකට ආසන්න පිරිසකගේ රැකියා අවදානම් මට්ටමක පවතින බවද ඔහු කීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ නිපෝන් හෝටලයේ ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකදීය.
රජය සියයට 30 ක රේගු ආනයන බද්දක් අයකිරීමට කටයුතු කිරීමෙන් වාහන එකලස් කිරීම ඇතුළු දේශීය නිෂ්පාදන බරපතළ කඩා වැටීමේ අවදානමකට පත්වන බවද අමු ද්‍රව්‍ය ගෙන්වීමේදී මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදීත් බදුගෙවීමට සිදුවීමෙන් දේශීය කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඇතුළු ආණ්ඩුවේ සියලු අංශ ලිඛිතව දැනුවත් කර ඇති බවත් මේ පිළිබඳ යළි සලකා බලන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් වෙල්ගම මහතා කීවේය.
මෙම බදු අය කිරීමෙන් ඩොලර් මිලියන 30 ක පමණ ආදායමක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බවත් එහිදී නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් ආයෝජකයන් අධෛර්යයට පත්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
රටට ඩොලර් මිලියන 500 ක පමණ ආදායමක් අහිමිවිය හැකි බවත් පොඩි ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් රටට ඇදී එන විශාල ධනයක් අහිමිවීමේ අවදානමක් තිබෙන බවත් ඔහු පැවසීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දේශීය කර්මාන්ත නගාසිටුවීමට පියවර ගනිමින් සිටියදී රජය ගෙනයන මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ආයෝජන සහ නිෂ්පාදන අධෛර්යවත් වන බවත් වෙල්ගම මහතා කීවේය.
මෙම මාධ්‍ය හමුවට යූරෝ මෝටර්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රවීන්ද්‍ර සේනාරත්න, ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්හි මහේෂ් ගුණතිලක යන මහත්වරුද දේශීය උපාංග නිෂ්පාදන කර්මාන්ත හිමියෝ පිරිසක්ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සියයට 30 රේගු බද්දෙන් වාහන එකලස් කර්මාන්තය අනතුරේ