සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු සහ අඛණ්ඩ ආරක්ෂණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාගිල්ස් බැංකුව කොටස් වෙළෙඳපොළට ලිපියක් මගින් දැනුම් දී තිබේ. එහි මෙසේ සඳහන්ය.
2025 මාර්තු 21, 2025 මාර්තු 25 සහ 2025 අප්‍රේල් 2 දිනැති අපගේ ප්‍රසිද්ධ නිවේදනවලින් හෙළිදරව් කළ සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීමට අදාළව කාගිල්ස් බැංකුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තවදුරටත් යාවත්කාලීන තොරතුරු ලබාදීමට කැමැත්තෙමු.
මෙම සිදුවීම පිළිබඳව දැනුවත් වූ වහාම, බැංකුව පහත සඳහන් ක්‍රියාමාර්ග වෙත යොමු විය.
ආරම්භයේ සිටම අපගේ විමර්ශන අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමත් සමග, තහවුරු කරන ලද තොරතුරු පමණක් සන්නිවේදනය කිරීමට අපි කටයුතු කරගෙන යමින් සිටිමු. පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් තහවුරු කරන ලද තොරතුරුවලින් දැනුවත්ව සිටීමේ වැදගත්කම අපි අවබෝධ කරගෙන ඇති අතර, ඒ සඳහා අපි සම්පූර්ණයෙන් කැප වී සිටින්නෙමු.
අපි සිදුවීම අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින්නෙමු. යම් පාරිභෝගිකයකුගේ හෝ පාර්ශ්වකරුවකුගේ වැදගත් තොරතුරක් අනාරක්ෂිත බව හඳුනා ගතහොත්, අපි ඔවුන් සමග ඍජුවම සම්බන්ධ වී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරන්නෙමු.
මෙම සිදුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට, බැංකුවට හෝ මූල්‍ය ගනුදෙනුවලට කිසිදු මූල්‍ය අවදානමක් නොමැති බව අපි ඔබට සහතික කරන්නෙමු. බැංකු කටයුතු හා ආරක්ෂා ක්‍රියාමාර්ග සම්බන්ධ පද්ධති සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව සහ කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ. සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගේ සහාය ඇතිව, බැංකුවේ ආරක්ෂණ පරිසරය ශක්තිමත් කිරීමට අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත්තෙමු.
පාරිභෝගික හා පාර්ශ්වකාර තොරතුරු ආරක්ෂා කිරීමේ අරමුණින්, අනාරක්ෂිත තොරතුරු නීති විරෝධී ලෙස බෙදාහැරීම සීමා කිරීම සඳහා අපි නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත්තෙමු. මෙම පියවර ගනු ලැබුවේ බලපෑමට ලක්වූවන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පමණි. බලපෑමට ලක්වූවන්ට තවදුරටත් හානිදායක විය හැකි බැවින්, ලැබෙන කිසිදු ආකාරයක පාරිභෝගික තොරතුරක් බෙදා නොගන්නා ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.
කාගිල්ස් බැංකුවේ මූල්‍ය හා ද්‍රවශීලතා තත්වය තවදුරටත් ශක්තිමත්ව පවතින අතර, අපගේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතික නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතී.
ඔබගේ අඛණ්ඩ විශ්වාසය හා අවබෝධය වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙමු. කාගිල්ස් බැංකුව මෙම සිදුවීම විනිවිදභාවයෙන්, සැලකිල්ලෙන් සහ වගකීමෙන් කළමනාකරණය කිරීමට සම්පූර්ණයෙන් කැප වී සිටී. අපි ජාත්‍යන්තර ඉහළම භාවිතයන්ට අනුකූලව අපගේ පද්ධති ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කරන අතර, පාරිභෝගිකයන්, සේවකයන් සහ පාර්ශ්වකරුවන් සඳහා ඉහළම ආරක්ෂණ මට්ටම් සහතික කිරීම සඳහා සයිබර් ආරක්ෂණ විශේෂඥයන් සහ දේශීය නියාමන බලධාරීන් සමග සමීපව කටයුතු කරන්නෙමු.
ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සයිබර් ආරක්ෂාව කාගිල්ස් බැංකුවෙන් යාවත්කාලීන තොරතුරු