විමුක්ති එස් රුද්‍රිගු
සයිප්‍රසයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට තානාපති සේවා ලබාගැනීම පහසු කිරීම සඳහා එළැඹෙන 20 සිට සයිප්‍රසයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
තානාපති කාර්යාලය විවෘත කිරීමට සයිප්‍රස් රජයේද අනුමැතිය හිමිව තිබෙන බවත් තානාපති කාර්යාලය ඇරඹීමට පත්කළ දූත මණ්ඩලය එළැඹෙන 15 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන් 15,000 ක් පමණ සිටින බවත් එහි තානාපති කාර්යාලය වසා දැමීමත් සමග තානාපති සේවා ලබා ගැනීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යාමට සයිප්‍රසයේ ශ්‍රී ලාංකිකයන්ට සිදුවූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එරට සිටින ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලමින් එරට තානාපති කාර්යාලයක් විවෘත කිරිමට විදේශ කටයුතු අමාත්‍යවරයා තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සයිප්‍රසයට තානාපති කාර්යාලයක් විවෘත කිරීම 20 වැනිදා