භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව බව පවසයි.
මෙය ලැයිස්තුගත, වර්ගකෙරූ, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස විවෘත කෙරෙන බව සමාගම පවසයි. ඒ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පසුගියදා ලැබී තිබේ.
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීම සියපත ෆිනෑන්ස්හි සැලසුම වී තිබේ. ඊට හිමිවන අධි දායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කරන බව පවසයි. එසේම එම නිකුතු දෙක වෙතම හිමි වන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සියපත ෆිනෑන්ස් සැලසුම වී තිබේ.
මෙම සෑම ණයකර කොටසක්ම රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇත. ඒ අනුව මෙම සමස්ත නිකුතුව හරහා සිදුකරන ණයකර කොටස් මිලියන 50ක් මගින් රුපියල් බිලියන 5ක් රැස් කරගැනීම අපේක්ෂාව වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියපත ෆිනෑන්ස් වෙතින් රු. බි. 5ක ණයකර නිකුතුවක්