IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ අධ්‍යයන ආයතනය (SLITHM) සමග එක්වී සංවිධානය කරනු ලැබූ ඊට පළාත් නවයම නියෝජනය කරමින් සිසු සිසුවියෝ රැසක් සහභාගී වූහ. එහිදී ආහාර පිසීම, ආහාර පිළිගැන්වීම, ගෘහ පාලනය සහ අනෙකුත් අංශවලට අදාළ දැනුම සහ කුසලතා විදහා දැක්වීමට අවස්ථාව ලැබිණි.

පළාත් මට්ටමේ තරගාවලි රට පුරා ස්ථාන ගණනාවකදී පැවැත්විණි. SLITHM යාපනය (උතුරු පළාත), SLITHM කුරුණෑගල, SLITHM රත්නපුර (සබරගමුව පළාත), SLITHM බණ්ඩාරවෙල (ඌව පළාත), මින්දද හෝටලය - අම්පාර (නැගෙනහිර පළාත), SLITHM මහනුවර (මධ්‍යම පළාත), SLITHM කොග්ගල (දකුණු පළාත), SLITHM කොළඹ (බස්නාහිර පළාත), සහ SLITHM අනුරාධපුර (උතුරුමැද පළාත) ඒ අතර වේ. සංවිධායකයන් සඳහන් කළේ මෙය ජයග්‍රාහකයන් තෝරා ගැනීමෙන් ඔබ්බට යමින් උනන්දුවක් දක්වන සිසු සිසුවියන් සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට යොමු කිරීම ඉලක්ක කරගත් වැඩසටහනක් බවයි. ග්‍රාමීය ප්‍රදේශවල සහ පාසල්වල සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට හිමිවන අවධානය සීමා සහිත මට්ටමක පවතින පසුබිමක මේ තුළින් ඒ පිළිබඳව ජනතාව සතු අවබෝධය ඉහළ නැංවීමටත්, දක්ෂතා සහිත සිසු සිසුවියන් හඳුනා ගැනීමටත් අවස්ථාව ලැබෙන බව ඔවුහු සඳහන් කළහ. සංචාරක ක්ෂේත්‍රය ඉහළට ඔසවා තැබීම සඳහා බිම් මට්ටමේ සිටින තරුණ පරපුරේ දායකත්වය ද සමග ශක්තිමත් මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය බව ඉස්මතු කිරීම මෙම තරගාවලියේ තවත් එක් අරමුණක් විය.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමයේ (AATEHM) සභාපති නිහාල් මුහන්දිරම් සඳහන් කළේ ග්‍රාමීය තරුණ ප්‍රජාවට සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට පිවිස සිය ජීවිත ගොඩනගා ගැනීමට ඕනෑ තරම් අවස්ථා තිබෙන බවයි. “ග්‍රාමීය ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙක් වශයෙන් මටත් අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. මටත් පාසල් වියේදී අවශ්‍ය වුණේ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න. එහෙත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වීමෙන් මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. සංචාරක ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයට සියයට 10ක තරම් විශාල දායකත්වයක් සපයනවා. මේ තුළ ඇති අවස්ථා බොහොමයි. මෙම තරගාවලියට සිසුන් සම්බන්ධ කරන්නට කටයුතු කළ ගුරුවරුන්ට සහ මවුපියන්ට මම ස්තූතිය පිරිනමන්නට කැමැතියි. උසස් පෙළ විභාගය අසමත් වුණාම, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න නොහැකි වුණාම සමහරු හිතනවා ඔවුන්ගේ අනාගතය අවසානයි කියලා. ඒ ආකල්පය වෙනස් විය යුතුයි. සෑම දරුවෙක් සඳහාම සමාන අවස්ථා නිර්මාණය කළ යුතුයි. මෙම වැඩසටහනත් ඒ සඳහා වන උත්සාහයක් බව කියන්නට කැමැතියි.” SLITHM සහ SLCB සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා ද එහිදී අදහස් දැක්වූයේය. “මෙය පළාත් නවයම සම්බන්ධ කරගත් දැවැන්ත වැඩසටහනක්. මෙය පහසු කාර්යයක් නොවෙයි. මේ වන විට සංචාරක ක්ෂේත්‍රය සියලු‍ අංශ සමග සම්බන්ධ වෙමින් වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. අපගේ අරමුණ 2030 වසර වන විට සංචාරකයන් මිලියන 5ක් ශ්‍රී ලංකාවට පැමිණෙන පරිසරයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා කුසලතාවලින් පිරිපුන් මානව සම්පතක් අවශ්‍යයි. මේ වන විට විශ්වවිද්‍යාල රැසක් සංචාරක කර්මාන්තයට අදාළ පාඨමාලා හඳුන්වා දී තිබෙනවා. SLITHM ආයතනයත් තරුණ පරපුරට කුසලතා සම්පන්න වෘත්තිකයන් වශයෙන් සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර තිබෙනවා. අප ආයතනයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සියයට 100ක්ම ආයතනයෙන් පිටතට යන්නේ රැකියාවක් සමග බව කිව යුතුයි. සංචාරක ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිවලට පිවිසීමටත් හැකියාව ලැබෙනවා. මෙම කර්මාන්තය භාවිත කරමින් රට තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම අප සතු වගකීමක්.”

මෙම තරගාවලිය එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” තේමාව යටතේ සමරන ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ දැවැන්ත වැඩසටහනක කොටසකි. 



අදහස් (0)

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site