IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


සම්පත් බැංකුවට තුන්වැනි කාර්තුව අවසානයේදී සියයට 21 ක ඉහළ බදු පසු ලාබයක්

සම්පත් බැංකුව 2025 වසරේ තුන්වැනි කාර්තුව අවසානයේදී බදු පෙර ලාබය රුපියල් බිලියන 35.3 ක්ද, බදු පසු ලාබය රුපියල් බිලියන 21.5 ක්ද වාර්තා කිරීමට සමත් වූ අතර, එම අගයන් 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙළින් සියයට 18 ක සහ සියයට 21 වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. මීට අමතරව සම්පත් සමූහය ද පිළිවෙළින් සියයට 19 ක සහ සියයට 21 ක වාර්ෂික වර්ධනයක් සහිතව රුපියල් බිලියන 38.0 ක බදු පෙර ලාබයක් ද, රුපියල් බිලියන 23.1 ක බදු පසු ලාබයක් ද වාර්තා කරන ලදී. 
සලකනු ලබන කාල පරිච්ඡේදය සඳහා බැංකුවේ මුළු පොලී ආදායම රුපියල් බිලියන 134.0 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 3 ක පහත වැටීමකි. මේ සඳහා, සලකනු ලබන කාලපරිච්ඡේදයේදී අවදානම් මත බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) පහත වැටීම හා රජයේ සුරැකුම්පත්වල පොලී අනුපාත පහත වැටීම මූලික වශයෙන් හේතු විය. එසේම වෙළෙඳපොළ පොලී අනුපාත පහත වැටීම හේතු කර‌‌ගෙන බැංකුවේ පොලී වියදම ද සියයට 2 ක පහත වැටීමක් සහිතව රුපියල් බිලියන 76.8 ක් ලෙස වාර්තා විය. මේ අනුව බැංකුවේ ශුද්ධ පොලී ආදායම 2025 සැප්තැම්බර් 30 වැනි ‌දිනෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 57.2 ක් ලෙස වාර්තා වූ අතර, මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 6 ක පහත වැටීමකි. එසේම ශුද්ධ පොලී ආන්තිකය 2024 වසර අවසානයේ දී වාර්තා වූ සියයට 4.90 සිට 2025 වසරේ සැප්තැම්බර් 30 වන ‌දින වන විටසියයට 4.09 ක් දක්වා පදනම් ලකුණු 81 කින් පහත වැටිණ.
සමාලෝචනය කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා සම්පත් බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම රුපියල් බිලියන 23.9 ක් ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 107 ක වාර්ෂික වර්ධනයකි. කාඞ්පත්, ණය, වෙළෙඳාම්, මෙහෙයුම් හා ඉලෙක්ට්‍රොනික බැංකු සේවා ඇතුළු බහුවිධ අංශවලින් ලද ආදායම් ඉහළ යාම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම රුපියල් බිලියන 15.6 ක් දක්වා ඉහළ යන ලද අතර, එය 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයකි. 
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 9.30 කින් අවප්‍රමාණය වීම හේතුවෙන් පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 3.5 ක විනිමය අලාභයට සාපේක්ෂව 2025 වසරේ සලකනු ලබන කාල පරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 3.5 ක මුළු විනිමය ලාභයක් වාර්තා කිරීමට බැංකුවට හැකි විය. 
2025 වසරේ තුන්වැනි කාර්තුව අවසානය වන විට දී බැංකුව රුපියල් බිලියන 2.0 ක අපහායන අයකිරීමක් වාර්තා කරන ලද අතර, මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 62 ක පහත වැටීමකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 2.3 ක අයකිරීමකින්ද, (2024 - රුපියල් බිලියන 3.1 අයකිරීමක්), වෙනත් මූල්‍ය වත්කම් සඳහා රුපියල් බිලියන 0.6 ක අයකිරීමකින්ද (2024 - රුපියල් බිලියන 1.2 අයකිරීමක්), අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 0.8 ක ආපසු හැරවීමකින්ද (2024 - රුපියල් බිලියන 1.1 ක අයකිරීමක්) සමන්විත විය.
සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා මෙහෙයුම් වියදම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 19 ක වර්ධනයක් වාර්තා කරන ලද අතර මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හා නව උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා සිදුකළ නව සේවක බඳවා ගැනීම් ඉහළ යාම හේතුවෙන් පුද්ගල පිරිවැය ඉහළ යාම, තොරතුරු තාක්ෂණය ආශ්‍රිත වියදම් ඉහළ යාම හා අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යාම මූලික වශයෙන් හේතු විය.
මීට අමතරව මුළු බදු වියදම 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 20.9 සිට 2025 වසරේ සැප්තැම්බර් 30 වන ‌දිනෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහ රුපියල් බිලියන 24.1 ක් දක්වා ඉහළ යන ලද අතර, මේ සඳහා බදු අය කිරීමට යටත් වූ ආදායමේ ඉහළ යාම මූලික වශයෙන් හේතු විය. 
තවද සම්පත් බැංකුව වර්ෂය පුරාවට සියලු‍ම ප්‍රාග්ධන අනුපාත අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට සමත් විය. 2025 සැප්තැම්බර් 30 වන ‌දිනට පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙළින් සියයට 14.06, සියයට 14.06 හා සියයට 17.21 ක් ලෙස වාර්තා කරන ලදී.



අදහස් (0)

සම්පත් බැංකුවට තුන්වැනි කාර්තුව අවසානයේදී සියයට 21 ක ඉහළ බදු පසු ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 233 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site