කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 60කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය සිමෙන්ති සමාගම් පහකට අවසර දුන්නේය.
සිමෙන්ති කොට්ටයක නව පාලන මිල රුපියල් 930කි.
සිමෙන්ති සමාගම් දහයකින් ටෝකියෝ, හොල්සිම් ලංකා, අල්ට්‍රාටෙක්, සෙලින්කෝ, සිංහ සහ ලෆාජ් මහවැලි න සිමෙන්ති සමාගම්වලට මිල වැඩිකිරීමට අවසර දී ඇත්තේ එම සමාගම් කළ ඉල්ලීමක් අනුවය.
ජූනි 1 වැනිදා සිට නිෂ්පාදනය කරන සිමෙන්ති තොග සඳහා පමණක් මිල වැඩිවීම බලපාන අතර දැනට වෙළඳපොළේ පවතින සිමෙන්ති සඳහා මිල වැඩිවීම බලනොපාන බවද අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහොමත් ආයේ සිමෙන්ති අඩු වෙන්නේ නම් නෑ.(හේ)
ලොකු ලොකු අයට මේ දේවල් ගාණක් නෑ.(හේ)
මේ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
කවදත් පොඩි එකාට තමයි කොහෙන් හරි පහර වදින්නේ.(හේ)
යහපාලන ආණ්ඩුවේ තරම දැන් පැහැදිලියි.(හේ)
ඉදිකිරීමේ වැඩ වලදී දැන් ගණන් වැඩි වෙයි.(හේ)
පොඩි ගාණක්නේ වැඩි වෙලා තියෙන්නේ ඕවා ගණන් ගන්න එපා.(හේ)
මේ දේවල් බලධාරින්ට තෙරෙන්නේ නෑ.(හේ)
වෙළෙන්දෝ තියෙන සිමෙන්ති ටිකත් හංගලා දායි.(හේ)
ඔය දේවල් වැඩි වෙන එක නවත්තන්න කොහොමත් බෑ.(හේ)
මෙන්න නවතම යහාපලන ජන්ද ප්‍රතිපලයක් . සිමෙන්ති කම්හල් 5ක් නිෂ්පාදීත සිමෙන්ති මිල වැඩිවේ. (ම)
මේ දේ නිසා අසරණ මිනිස්සුන්ට තමයි අමාරු.(හේ)
ලංකාවේ ඉන්න බොහෝ අය මේ වෙද්දී ගෙවල් හදාගෙන ඉවරයි. ඉතින් සිමෙන්ති ටිකක් ගණන් ගියාම මොකද? වාහනෙකුත් අරගෙන ඉවරයි. ඒ හින්දා ඒක අපිට අදාළ නැහැ?(හේ)
ඔබට සතුටුයිද දැන්? (නි)
ඉක්මණට ගේ හදන්න ඕනෑ (නි)
ගෙවල් හදන්න ඕනෑ වුණත් ලොකුවට ගෙවල් හදන එක නවතන්න මිල වැඩි කරන බව කිව්වා නේද?හැමෝම ගෙවල් හදාගෙන හිටියහම ලොකු අයට මදිකමක්නේ (නි)
කියලා වැඩිකළේ රුපියල් හැට වුණාට කලින් රුපියල් 30 ක් නොකියාම වැඩිවෙලා. එතකොට ඔක්කොම රුපියල් 90 යි (නි)
කියල වැඩි කලේ රුපියල් හැටයි. නොකිය කලින් රුපියල් 30 ක් වැඩි කලා. ඔක්කොම රුපියල් 90 වයි (ම)
තව ගණන් වැඩි කරන්න ඕනෑ. නැත්නම් අනවශ්‍ය පුද්ගලයොත් ගෙවල් හදලා සතුටින් ඉන්නවා (නි)
තව ගණන් වැඩි කරන්න ඕනෑ නැතිනම් අනවශ්‍ය පුද්ගලයොත් ගෙවල් හදලා සතුටින් ඉන්නවා (ම)
ඕනෑ එකයි, එපා එකයි ඔක්කොම ගෙවල් හදන්න පටන් ගත්ත නිසා ඔන්න අපි සිමෙන්ති මිල වැඩි කළා. දැන් යහපාලනේ මාර රහයි නේද? (නි)
හැමෝම ගෙවල් හදන නිසා දැන් එකත් වැඩි කරලා ජනතාවට ම බදු ගහන්නම තමයි බලන්නේ (ම)
ජූනි 1 වැනිදායින් පසු නිෂ්පාදනය කරන සිමෙන්ති මිල පමණක් වැඩිකිරීමට තරම් යහපාලනය කාරුණික වෙලා. බලන්න මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීද මේ මිල වැඩි කිරීම කියලා. (ර)
මහින්ද මහත්තය හොරා කාලා හරි, යුද්ධයට වියදම් කරලා හයි වේ හදලා රටේ සියලුම මාර්ග සංවර්ධනය කරලා, උතුර යළි නඟාසිටුවා කළදේවල්, වාහන වලට මෙලෙස බදුගසමින්, හොරා කන්නේ නැතුවවත් මේ අයට කරන්න බැහැ (නි)
නිෂ්පාදනය කරන දිනය සිමෙන්ති කොට්ට වල ගහලා තියෙනවද? (නි)
යහ පාලනයට ඡන්දය දුන්නට අපිට ඔහොම කරන්න ඕනෙලු (බ)
දැන් ඉතින් හරිනේ.(හේ)
ගෙවල් හදලා හමාරයි.(හේ)
ඕන නැති අය ගෙවල් හදන නිසා තමයි සිමෙන්ති මිල ඉහල දැම්මේ.(හේ)
සිමෙන්ති ගණන් ගියාම වැලි, ගඩොල්, ගෙවල් හදන අමුද්‍රව්‍ය සියල්ල ගණන් යනවා.(හේ)
අනවශ්‍ය පුත්ගලයින් ගෙවල් හදන එක නතර කරන්න වෙන ක්‍රමයක් නැහැ. නැති බැරි මුනිස්සු පවුල් 10 කට විතර එක ගෙයක් තිබුනම ඇති. පුලුවන් එකාට ගවෙල් 10 ක් තිබුනත් කමක් නැහැ.(හේ)
සිමෙන්ති විතරක් නෙමෙයි දැන් අනිත් බඩුත් ගණන් යයි.(හේ)
ගෙයක් හදන එකත් දැන් සිහිනයක් වෙයි.(හේ)
රුපියල් 10කින් වගේ නම් කමක් නෑ.ඒත් රුපියල් 60ක් නේ (හේ)
අපිට ගෙවල් හදන්න වෙන්නේ නෑ.(හේ)
දැන් සතුටුයි නේද කට්ටියට.(හේ)
යහ පාලනේ ගේන්න කැප වුන මිනිසුනේ...... ඔබට සතුටුද දැන්?(හේ)
ඔන්න යහපාලනය.(හේ)
ටික කාලයයි. සිමෙන්ති මිල ආයේ අඩු වෙයි.(හේ)
බණ්ඩාරවෙල සිමෙන්ති ගාණ 1700යි...