පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සදහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සිවා මහසන්දන ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරිහු පිරිසක් අද (10) ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී පැවසුහ.
ශ්‍රී ලංකාව වර්තමානයේ ළඟාකර ගෙන තිබෙන ආර්ථීක වර්ධන වේගය නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් වූ බවත් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ඉතා සුදුසු රටක් බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ තවත් ආයෝජන රැසක් සිදු කිරීමට තම සමාගම කැමැති බව ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබද ජනපති නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් දැනුවත් කළේය.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
(ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට විශාල දියුණුවකට යන්නට සුදානම් වන බව ඇත්ත. නමුත් එම දියුණුවේ පල නෙලන්නට විදේශිකයන්ට දීල අපි උඩබලාගෙන ඉන්න එකත් වැඩක් නැහැ. ඉදිරි සංවර්ධන වැඩ වලදී සිමෙන්ති අත්‍යවශ්‍ය දෙයක්. මෙම සමාගම් නවීකරණයට දැනට සිටින දේශීය සමාගම් වලට නය මුදලක් සැපයුවොත් ඔවුන් එම මහාපරිමාණ ඉඳිකිරීම් වලට අවශ්‍ය තරම් සිමෙන්ති සපයාවි. නැතිනම් වෙන්නේ එම මුදලත් විදේශිකයන්ට යන එකයි. මේක ආයෝජනයක් නොවෙයි දැනට අපසතු අදායම් මාර්ගයක් අත්පත්කර ගැනීමක්. අප ඉන්දියාව සමග ගිවිසුම් ගසන්නේ විදේශික මහාපරිමාණ සමාගම් වලට එයින් පල නෙලා ගැනීමට පමණක්මද? එනිසා දැනට සුළු පරිමාණයෙන් ඇති දේශීය සමාගම් මහාපරිමාණ සමාගම් බවට පත් කිරීමට අත දෙනවනම් මේ සංවර්ධනය වඩාත් රටට ප්‍රයෝජනවත් වෙනවා ඇති.(රේ)
ලලිත්, සහතික ඇත්ත (නි)
එහෙම ණය දෙන්න තරම් රජයට තවම වත්කම් අඩුයි.නිකන් පාඩු ලබනවට වඩා මේ අවස්ථාවේ රජය අරන් තියන තීරණය ගොඩක් හොඳයි. (බ)
පුත්තලම සිමෙන්ති කම්හල කියන්නේ නිධානයක් හා සමානයි , ඕක ලංකාවේ කෙනෙකුට කරන්න පුළුවන්, නමුත් අදාල බලධාරීන් දෙන්නේ නැහැ , කොමිස් (පගාව) තමා හේතුව. (බ)
ධනුෂ්ක, අපිට වැඩිය අඩු අාදායම් ඇති රටවල් පවා දේශීය කර්මාන්තකරුවන්ට අත දෙනවා. සමහර රටවල් ණය දෙන්න මුදල් නැති නිසා විදේශීය ණයදෙන ආයතන වලට අැපකරුවෙක් ලෙස ඉදිරිපත් වෙනවා. කරන්න නම් ඕනෑතරම් වැඩ තිබෙනවා. ප්‍රහාරක ගුවන් යානා දහයක් දොළහක් ගන්න සල්ලි තියෙන, නේවාසිකාගාරයක් කාපට් අතුරලා ඉඳිකරන්න සල්ලි තියෙන රටේ සිමෙන්ති කම්හල පිටරටකට දෙන එක හොඳයි කියන එක පිළිගන්න තරම් ජනතාව මෝඩ නැහැ. අරගොල්ලෝ ණයට ගෙනවිත් වියදම් කළා. මේගොල්ලෝ ණය නොගෙන ගෙදර තියෙන දේ විකුණාගෙන කන්න හදනවා. මොනවා කළත් අල්ලපු රට අපි බලාපොරොත්තුවෙන මාවතේ යන්න කිසිම රජයකට ඉඩදෙන්නේ නැහැ. (නි)