- පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තු රුපියල් 5200 ක් වෙයි
- සීමාසහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීම ගාස්තුව රුපියල් 26,400ක් වෙයි
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම තීරණයට අනුව මෙතෙක් සීමාසහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා පැවති රුපියල් 4,600ක් වූ ගාස්තුව රුපියල් 5,200 දක්වා ඉහළ දමා තිබේ. එසේම සීමාසහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීම සදහා රුපියල් 23,000ක්ව පැවති ගාස්තුර රුපියල් 26,400 දක්වා ඉහළ නංවා තිබේ.
මීට අමතරව සීමාරහිත සමාගමක් ලියාපදිංචිය සඳහා පැවති රුපියල් 17,250ක්ව පැවති ගාස්තුව රුපියල් 19,800 දක්වා ඉහළ නංවා තිබෙන බවත් මෙම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. සමාගමක නාමයක් අනුමත කිරීම සදහා පැවති රුපියල් 2300 ගාස්තුව රුපියල් 2600 දක්වා ඉහළ නංවා තිබේ.
මේ අතර රුපියල් 3,450ක්ව පැවති සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,900 දක්වා ඉහළ නංවා ඇති අතර සමිති ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ගාස්තුව රුපියල් 1,725 සිට රුපියල් 1,900 දක්වා ඉහළ නංවා ඇතැයිද සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd