- පෞද්ගලික ආනයන වියදම ඩො.මි. 144ක්
- මුල් මාස නවයේ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 1871ක්
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට පෞද්ගලික සහ වාණිජ මෝටර් රථ ආනයනය සඳහා වූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 188 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 286.2 ට සාපේක්ෂව සියයට 34.4 ක අඩුවීමක් බව මහ බැංකුව පවසයි.
2026 සැප්තැම්බර් මාසය සඳහා වන විදේශ අංශයේ ක්රියාකාරීත්වය පිළිබඳ සටහන ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කර තිබේ.
මෙහිදී 2026 සැප්තැම්බර් මාසයේදී පෞද්ගලික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 144.4ක් වන අතර, එය 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 227.5 ට සාපේක්ෂව සියයට 36.5 ක අඩුවිමකි.
එසේම 2026 සැප්තැම්බර් මාසයේ වාණිජ වාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 43.3 ක් වන අතර, එය 2025 සැප්තැම්බරයේදී වාර්තා වූ ඩොලර් මිලියන 58.7 ට සාපේක්ෂව සියයට 26.2 ක අඩුවිමකි.
මේ අතර 2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට සමස්ත වාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,871 ක් ලෙස සටහන්ව ඇත.
එය 2025 එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 1,204ක වාහන ආනයන වියදම හා සැසඳීමේදී සියයට 55.4 ක ඉහළ යාමකි.
මේ අතරින් පෞද්ගලික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 932.6 ක සිට ඩොලර් මිලියන 1435.5 ක් දක්වා සියයට 53.9 කින්ද, වාණිජ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 271.2 ක සිට ඩොලර් මිලියන 435.8ක් දක්වා සියයට 60.7 කින් ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd