IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වා ගනිමින් 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී සියලුම ව්‍යාපාරික අංශ හරහා රුපියල් බිලියන 32.3 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 7-4 ක වර්ධනයකි. 

සන්ෂයින් සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර, එය මුළු ආදායමෙන් සියයට 53.7 කි. මේ අතර පාරිභෝගික අංශය සියයට 30.2 ක් ද කෘෂි ව්‍යාපාර අංශ සියයට 16.1 ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. සමාලෝචනයට ලක් කරන ලද කාල පරිච්ඡේදයේදී සමූහයේ දළ ලාබය පසුගිය වසරට සාපේක්ෂව සියයට 12.9 කින් රුපියල් බිලියන 10.3 ක් දක්වා ඉහළ ගිය අතර, දළ ලාබ ආන්තිකය පදනම් ලකුණු 153 (bps) කින් සියයට 31.9 ක් දක්වා වර්ධනය විය.

සමූහයේ පොලී සහ බදු පෙර ඉපැයීම් (EBIT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 18.6 කින් රුපියල් බිලියන 5.5 ක් දක්වා ඉහළ ගියේය. සුව සේවා අංශයෙහි EBIT හි සියයට 16.7 ක පහත වැටීමක් තිබියදීත් කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික අංශවල ශක්තිමත් කාර්යසාධනය මෙම වර්ධනයට හේතු විය. කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික අංශවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් 1HFY26 දී සමස්ත EBIT වෙනස පසුගිය වසරේ එම කාල පරිච්ඡේදය හා සැසඳීමේදී සියයට 15.4 සිට සියයට 17.0 දක්වා ඉහළ ගිය අතර එය සුව සේවා අංශයේ පහත වැටීම පියවා ගැනීමට උපකාරී විය.

සමූහය ලබා ගත් මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසුවේය. “අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතිය අපට ප්‍රධාන ශක්තියක් වන අතර, එය වෙනස් වන වෙළෙඳපොළ තත්වයට අනුවර්තනය වීමට අපට උපකාරී කරනවා. 1 HFY26 දී අප ලබා ගත් වර්ධනය මගින් පෙන්නුම් කරන්නේ ඵලදායී ලෙස සැලසුම් කිරීමට සහ ක්‍රියා කිරීමට අපට ඇති හැකියාවයි.” 

සමාලෝචනයට ලක් කරන ලද කාල පරිච්ඡේදයේදී සමූහයේ සුව සේවා අංශය රුපියල් බිලියන 17.3 ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 7.4 ක වර්ධනයකි. මෙම වර්ධනයට ඖෂධ බෙදාහැරීම, වෛද්‍ය උපකරණ, ෆාමසි සහ ඖෂධ නිෂ්පාදනයෙන් ලැබෙන ආදායම ඇතුළත් විය. ඖෂධ සහ වෛද්‍ය උපකරණ අංශවල සහායෙන් ඖෂධ බෙදාහැරීමේ ව්‍යාපාරය වර්ධනය වූ අතර, මෙමගින් සමූහය වැදගත් ආයතන සමඟ පවතින හවුල්කාරීත්ව සහ ප්‍රධාන නිෂ්පාදනවල වර්ධනය පෙන්නුම් කරයි. පාරිභෝගික වෙළෙඳාම් අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 15.1 ක වැඩි වීමක් පෙන්නුම් කළේය.

2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී Healthguard Distribution හි ව්‍යාපාර ආකෘතියේ සිදු කළ වෙනස්කම් සහ නව උපායමාර්ගික හවුල්කාරීත්ව හේතුවෙන් Healthguard Distribution පසුගිය වසරට සාපේක්ෂව සියයට 29.5 ක ආදායම් වර්ධනයක් වාර්තා කළේය. මේ අතර 2025 වර්ෂය සඳහා රජයේ මිලදී ගැනීමේ ඇණවුම් ප්‍රමාණය අඩුවීම හේතුවෙන්, 1HFY26 දී සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනිෆැක්චරින් පෞද්ගලික සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 17-4ක පහළ යාමක් අත්විඳින ලදී.

පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශය 1HFY26 දී රුපියල් බිලියන 9.8 ක ආදායමක් වාර්තා කළ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.0 ක සුළු වැඩි වීමකි. මේ අතර අදාළ කාල පරිච්ඡේදයේදී සන්නාමගත තේ සහ රසකැවිලි අංශය ඇතුලත් දේශීය ව්‍යාපාරවල ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් එහි ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.1 කින් වර්ධනය විය.

අපනයන ප්‍රමාණය වැඩි වුවද, සමස්ත අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.2 ක සුළු අඩුවීමක් පෙන්නුම් කළේය. එක්සත් ජනපද තීරුබදු වෙනස්වීම්වල ඍණාත්මක බලපෑම් හේතුවෙන් ඉහළ වටිනාකමක් ඇති තේ නිෂ්පාදන අලෙවිය පහත වැටීම මෙයට හේතු විය. තවද පාරිභෝගික අංශය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සහ විචක්ෂණශීලීව වියදම් කළමනාකරණය කිරීම හේතුවෙන් 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී එම අංශයේ EBIT වෙනස පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේදී සියයට 5-1ට සාපේක්ෂව සියයට 7-8ක් දක්වා වර්ධනය විය.

සන්ෂයින් සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රුපියල් බිලියන 5.2 ක කැපී පෙනෙන ආදායමක් වාර්තා කළ අතර, එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 21-9ක වර්ධනයකි. හිතකර වෙළෙඳපොළ තත්වය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව සියයට 26-7කින් වර්ධනය වූ පාම් ඔයිල් ව්‍යාපාරයේ ශක්තිමත් කාර්යසාධනය මෙම ඉහළ ආදායම් වර්ධනයට මූලික වශයෙන් හේතු විය.



අදහස් (0)

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site