IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සන්ෂයින් සේවක සේවිකාවන්ගේ ඉගෙනුම් - සංවර්ධන කුසලතා අගයයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විවිධ අංශවල සේවය කරනු ලබන සේවක සේවිකාවන්ගේ රැකියාව සම්බන්ධ කැපී පෙනෙන ජයග්‍රහණ, වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ලබා දෙනු ලබන දායකත්වය අගයනු වස් එහි OneHR කණ්ඩායම විසින් පසුගියදා Sunshine Spotlight නමින් උත්සවයක් පවත්වන ලදී.

මෙම උත්සවයේදී කුසලතා වැඩිදියුණු කිරීම, නායකත්ව හැකියා ගොඩනැගීම සහ සේවකයන් සඳහා පුද්ගල ප්‍රතිරූපය (personal branding) වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන වැඩසටහන්වල වැදගත්කම පිළිබිඹු කළේය. තවද සිය සේවකයන්ගේ හැකියා වර්ධනය කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි කැපවීම ද මෙහිදී අවධාරණය කෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසීය. “දියුණු වීමට සහ ඉගෙනීමට අපගේ සේවක සේවිකාවන්ගේ ඇති කැපවීම අපගේ සාර්ථකත්වයට හේතුවයි. Sunshine Spotlight හිදී අප ඔවුන්ගේ ජයග්‍රහණ අගයන අතරතුර ‘Base Camp’ iy ‘Best to Brand’ වැනි වැඩසටහන් මගින් ශක්තිමත් සහ අලුත් විදියට හිතන ශ්‍රම බලකායක් අනාගතය සඳහා සූදානම් කරනු ලබනවා. අපගේ සේවක සේවිකාවන් සවිබල ගැන්වීමෙන් අපි අපගේ පාරිභෝගිකයන්, ප්‍රජාව සහ ජාතිය උදෙසා කල්පවත්නා වටිනාකමක් නිර්මාණය කරනවා.” 

සමාගමේ දිගුකාලීන ඉලක්කවලට අනුකූලව සේවක හැකිය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රමුඛ වැඩසටහන් දෙකක් වන ‘Base Camp’ iy ‘Best to Brand’ යන වැඩසටහන් මෙම උත්සවයේදී ඇගයීමට ලක් විය. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) විධායක සංවර්ධන වැඩසටහන සමඟ එක්ව මෙම Base Camp වැඩසටහන පවත්වන ලදී. එය සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි තිරසාර වර්ධනය සහ කර්මාන්ත නායකත්වය පිළිබඳ දැක්මට සහාය වීම සඳහා උසස් කළමනාකාරිත්ව සහ නායකත්ව කුසලතාවලින් ඔවුන් සන්නද්ධ වීමට කදිම වේදිකාවක් වූ අතර මෙම වැඩසටහනේදී සේවක සේවිකාවෝ 43 දෙනෙක් පුහුණුව ලැබූහ.
Sunshine Consumer හි විකුණුම් කණ්ඩායම් සඳහා සකස් කරන ලද මාස හතක වැඩසටහනක් වන Best to Brand වැඩසටහනේ අරමුණ වූයේ රැකියාව හා පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යාම තුළින් පුද්ගල ප්‍රතිරූපය ඉහළ නංවාගැනීම, කණ්ඩායම් කළමනාකරණය සහ නායකත්ව කුසලතා ආදිය කෙරෙහි අවධානය යොමු කිරීමයි.



අදහස් (0)

සන්ෂයින් සේවක සේවිකාවන්ගේ ඉගෙනුම් - සංවර්ධන කුසලතා අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site