භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී (SUN.N0000) සමාගමට අයත් සන්ෂයින් ටී සමාගම (Sunshine Tea (Private) Limited) එම සමූහයටම අයත් සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් (Sunshine Consumer Lanka Limited) යටතට පත් කිරීමට පියවර ගත් බව එම සමාගම පවසයි.
ඊයේ (02) දිනයේ දී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය මේ බව පවසා සිටියේය. එම සමූහයෙහි පාරිභෝගික අංශය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා යටතේ මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව පසුගිය දෙසැම්බර් 31 වැනිදා රැස්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව සිය සියයට 100 ක කොටස් හිමිකාරීත්වයක් සහිත සන්ෂයින් ටී (පෞද්ගලික) සමාගමෙහි කොටස් 4,716,545ක් මෙලෙස සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් සමාගම වෙත පැවරීම සිදු කර තිබේ. එම සමාගමට අනුව මෙම කොටස් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1.94කි.
මෙහිදී අදාළ කොටස් පැවරීම වෙනුවෙන් සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් සමාගමෙහි නව කොටස් 31,219,826ක් නිකුත් කිරීමට ද පියවර ගන්නා බව ද සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සඳහන් කරයි. මෙම කොටස්වල වටිනාකම රුපියල් බිලියන 1.94කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සන්ෂයින් ටී සමාගම සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් යටතට