එළැඹෙන නව වසරේ ජනවාරි පළමුවැනිදා රෝස සුවදැති හදුන්කූරක් දල්වමින් ඔබෙයි මගේයි පැතුම් ”සන්ලයිට් රෝස මල් මංගල්‍යයත් ”සමඟ සුවඳවත් කරවමින් දසත පතුරුවන්ට සන්ලයිට් සැරැසේ.
සන්ලයිට් වෙතින් හඳුන්වාදෙන නව රෝස මල් සුවඳැති සන්ලයිට් නිෂ්පාදනය ”සන්ලයිට් රෝස මල් මංගල්‍ය”නමින් ජනවාරි පළමු වැනිදා ප‍්‍රසිද්ධ ජෝතිෂ්‍ය විද්‍යා විශාරද ප‍්‍රවීන ජෝතිෂ්‍ය වේදිනී සාම විනිසුරු චින්තා වික‍්‍රමසිංහ මහත්මිය විසින් දෙනු ලැබු උදෑසන 6.24 ට එළැඹෙන සුභ මොහොතින් ශ‍්‍රී ලාංකිය ජනතාවට හදුන්වාදෙයි.
එදිනට විවිධ ආගම්, ජන සමාජයන් නියෝජනය කරමින් සිංහල ,දෙමළ, මුස්ලිම් හා අනෙකුත් භාෂාවන් කතා කරන විශාල පිරිසක් එක්වීමට නියමිත අතර රෝස සුවදැති හඳුන් කූරක් දල්වා එකම ජාතියක් ලෙසින් එලැඹෙන සුභ මෙහොතේ ඔබේ පළමු පැතුම හිතින් මුමුණන්න සියලූ ශ‍්‍රී ලාංකිය ජනතාවට සන්ලයිට් ආරාධනා කරයි.
මෙම සුභ මොහොත සංකේතවත් කරමින් දේශයේ සතර කොණින් එදින මෙම රෝස මල් මංගල්‍ය සැමරුම් පැවැත්වෙන අතර පසුගිය 21 වැනිදා සිට දිවයින පුරා රෝස සුවඳ හදුන්කූරූ බෙදා දෙමින් ශ‍්‍රී ලාංකිකයින් මේ පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.
ජනවාරි පළමු වැනිදා උදෑසන 6.04 සිට සෑම රූපවාහිනී නාළිකාවකම සජීවීව විකාශය වෙන මෙම රෝස මල් මංගල්‍ය නරඹන ලෙස ශ‍්‍රී ලාංකීය ජනතාවට ආරාධනය කරන සන්ලයිට් , ලොවම සුවඳවත් කරමින් ඔබේ හිතේ ඇති ප‍්‍රාර්ථනයන් හා ඔබ තවත් කෙනෙකු වෙනුවෙන් කරන ප‍්‍රාර්ථනයන් රෝස සුවඳැති හඳුන්කූරක් දල්වා සන්ලයිට් රෝස මල් මංගල්‍යයේ ඔබෙයි මගෙයි පැතුම සන්ලයිට් සමඟ සුවඳවත් කරගන්නට ඔබට ආරාධනා කරයි.
මේ උදා වු නව වසරේ ඔබේ සියළු ප‍්‍රාර්ථනයන් සඵලවී වී රෝස සුවඳින් සුවඳවත් වේවා! ඒ සන්ලයිට් පැතුමයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව පැහැයකින් හා නව සුවඳකින් කලඑළි දකින සන්ලයිට් රෝස කැටේ මුලු ලංකාද්වීපයම සුවඳ කරනු ඇත (නි)
හඳුන්කුරු පැකට් එකක් එවන්නකෝ. හැබැයි බාල හඳුන්කුරු නම් එපා. (නි)
අලුත් සාමජිකයා රෝස සුවඳින් සුවඳවත් වේවා........... (කෞ)
අලුත් සාමජිකයා (කෞ)
කෝ අපිට හඳුන්කුරු හම්බුනේ නැනේ (ම)
මම ගොන්තඩියකුත් නොවෙයි. ජාතිවදියෙකුත් නොවෙයි. හැම දේ දෙසම වපර ඇසින් බලන අසුභාවදියෙකුත් නොවෙයි. නමුත් නව වසරක් ලබන දිනයට නෙලුම් මලක්, පිච්ච මලක් අරන් පන්සලට කෝවිලට යන මිනිසුන් වැඩි පිරිසක් ඉන්න රටක වෙළද සමාගමක් විසින් කිසිදින දෙවියන් බුදුන් පුදන්නට ගෙන නොයන රෝසමලක් අතට දී කොරන්නට යන "රෝස මගුලේ" අරමුණ දෙස සැකයෙන් බලමි. ආදරයේ ශෘංගාරයේ අරමුණ සංකේතයක් වන රෝසමල පන්සලට කෝවිලට පුද දෙන තරුණ ජෝඩු මගින් ශ්‍රද්ධාව කරුණාව වෙනුවට පෙම්වතුන්ගේ දිනයකට ( වැලන්ටයින් දින) පරිවර්තනය කිරීමක්දෝ කියා සැක උපදී. (බ)
ජනතාවගේ මඩිය හිස්කරන කූට ව්‍යෘපාර හැටියටයි මේ සියල්ල මා දකින්නේ. (නි)
සත්‍යපාල හරි. මේවා සෝබන, අරුත්සුන්, බටහිරින් ණයටගත් බොරු අලංකාර දේවල්. අපි ඉස්සර ඉඳලා අලුත් අවුරුද්දට පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා වැඩ පටන්ගත් කට්ටිය. (නි)