(අජන්ත කුමාර අගලකඩ)
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා වූ සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් අද(07) ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ 40%ක සෙස් බද්ද ඉවත් කෙරෙනු ඇත.
කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 40%ක සෙස් බද්දක් පැවැතීමට එරෙහිව සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ විරෝධය පළ කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෑන්ක්ස් ෆෝ අමුඩ බද්ද... ශ්‍රීලංකා කාන්ත සංගමය
බද්ද ඉවත් කළ කෙනාගේ ආර්ථික විද්‍යා දැනුම බිංදුවයි. සල්ලි උල්පතක්නේ...
බද්ද ඉවත්කලාට කමක් නැහැ. මේකට ප්‍රසිද්ධියක් දීමේ අරමුණ කුමක්ද?
ලංකාවේ ආදී වාසී වැදිජනයා ගෙන් මෙයට උදාහරණ ගෙන ඒ දේවල් අනුගමනය කරන්න පුරුදු පුහුණු කිරීමෙන් සමාජය මෙම බද්දෙන් බේරාගන්න පුළුවන්.
ප්‍රතිපත්තියෙන් තොරව වැඩ කරන බව ජනතාවට අවබෝධ වෙලා ඉවරයි.
අපි දන්නා තරමට නම් ඔය බද්ද අයින් කරපු කෙනාට ඕවායේ පාවිච්චිය ගැන දැනුමක් නැහැ..
රට පෙරට.. යහපාලනය පොරොන්දු ඉටුකිරීම...
මේවා නොමිලේ දුන්නානම් හරිනේ...
අවුරුදු 4 අඩුකරන්න බැරිවුණේ මහබැංකුවේ මුදල් හිඟවුණු නිසාද?