භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත අමානා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සෙන්ති නන්දනන් සෙන්තිල්වර්ල් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මාර්තු 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා බැංකුවේ විධායක නොවන/ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ.
මෙම පත් කිරීම සඳහා මහ බැංකුවේ අනුමැතියද හිමිව ඇතැයි සමාගම පවසයි. සෙන්තිල්වර්ල් මහතා සතුව මූල්‍යමය සේවා, බලශක්ති, FMCG සහ ආයෝජන යන ක්ෂේත්‍ර තුළ වසර 24කට අධික කාලයක නායකත්ව මට්ටමේ අත්දැකීම් සහිත බවත් සමාගම පවසයි. ඒ මහතා මේ වනවිට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.
ඒ මහතා විධායක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සතුව සම්පත් බැංකුව සහ කාර්ගිල්ස් බැංකුව හරහා අමානා බැංකුවේ කොටස් සියයට 16.32 ප්‍රතිශතයක් පවතී.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙන්ති සෙන්තිල්වර්ල් අමානා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට