IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සීනි ආනයන බද්ද ඉහළ නොදමන්නැයි ආනයනකරුවෝ ජනපතිගෙන් ඉල්ලති

  • ආනයනය කරන සීනි කිලෝවක් මත පනවා ඇති බදු මුදල රුපියල් 50ක්
  • ලංකාව මසකට සීනි ටොන් 60,000ක් පමණ ආනයනය කරන අතර, එයින් රජයට රුපියල් බිලියන 3කට ආසන්න බදු ආදායමක්

සීනි ආනයනය මත දැනට පනවා ඇති බද්ද ඉහළ නොදමන ලෙස සීනි ආනයනකරුවන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි බදු ඉහළ දැමීමක් කළහොත් සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හරහා පාරිභෝගිකයන් දැඩි ලෙස අපහසුතාවට පත් වනු ඇති බවයි. 

පසුගිය රජය සමයේ ගනු ලැබූ තීරණයක් අනුව ආනයනය කරන ලද සීනි කිලෝවක් මත මේ වන විට පනවා ඇති බදු මුදල රුපියල් 50ක් වේ. ඊට පෙර ආනයනික සීනි කිලෝවක් සඳහා අයකරනු ලැබුවේ ශත 25ක් වැනි ඉතා අවම බද්දකි. ක්ෂේත්‍රයට අදාළ වාර්තා අනුව ශ්‍රී ලංකාව මසකට සීනි මෙට්‍රික් ටොන් 60,000ක් පමණ ආනයනය කරන අතර, ඒ හරහා රුපියල් බිලියන 3කට ආසන්න බදු ආදායමක් රජයට හිමි වේ. 

ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ පැලවත්ත සහ සෙවණගල වැනි දේශීය සීනි නිෂ්පාදන සමාගම් ආරක්ෂා කිරීමේ අරමුණින් පසුගිය රජය සමයේ සීනි ආනයන බදු ඉහළ දැමූ බවයි. කෙසේ වෙතත්, සීනි මෙට්‍රික් ටොන් 60,000ක් පමණ ගබඩා කර ගෙන සිටින ආනයනකරුවන් කිහිප දෙනෙක් අතරමැදි පාර්ශ්ව හරහා විවිධ උපක්‍රම භාවිත කරමින් දැනට පවතින රුපියල් 50ක බද්ද රුපියල් 80 දක්වා ඉහළ දැමීමට බලපෑම් කරමින් සිටින බව ඔවුහු සඳහන් කළහ. 

ආනයනකරුවන්ට අනුව, අදාළ බද්ද රුපියල් 30කින් ඉහළ දැමුවහොත් විශාලවශයෙන් සීනි තොග රඳවා ගෙන සිටින ආනයනකරුවන්ට කිසිදු අමතර වියදමකින් තොරව රුපියල් බිලියන 1.8ක අමතර ආදායමක් ලැබෙනු ඇත. කෙසේවෙතත් එවැනි තීරණයක් ගතහොත් ඒ හරහා මේ වන විට සීනි තොග ඇණවුම් කර ඇති සහ කරමින් සිටින, මහා පරිමාණ ගබඩා පහසුකම් නොමැති කුඩා සහ මධ්‍යම පරිමාණ ආනයනකරුවන් දැඩි අපහසුතාවට පත් වනු ඇති බවත් ඔවුහු සඳහන් කළහ. 

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ආනයන බද්ද ඉහළ දැමුවහොත් තේ, බේකරි නිෂ්පාදන, රසකැවිලි, සහ පාන වර්ග වැනි භාණ්ඩ රැසක මිල ඉහළ යන බැවින් පාරිභෝගිකයන්ද දැඩි අපහසුතාවට පත් වනු ඇති බවයි. අනිකුත් රටවලට සාපේක්ෂව දැනටමත් සීනි ආනයනය මත ඉහළ බද්දක් පනවා ඇති පසුබිමක එය තවදුරටත් ඉහළ දැමීමෙන් කෘත්‍රිම හිඟ, වෙළෙඳපොළ විකෘතිතා සහ අනවශ්‍ය ගැටලු‍ ගණනාවක් උද්ගත වීමේ අවධානමක් තිබේ. 



අදහස් (0)

සීනි ආනයන බද්ද ඉහළ නොදමන්නැයි ආනයනකරුවෝ ජනපතිගෙන් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site