( තිළිණි ද සිල්වා )
සෞදි අරාබියානු සංචාරකයින් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් එරට රියාද් සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් එරටදි සංවිධානය කර තිබුණි.
ඒ සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඒ.තාසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 33 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වූ අතරම ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් 15ක නියෝජිතයින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පිරිසක්ද ඊට එක්ව සිටි බව සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී.
මෙහිදී ලංකා දූත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනය සහිත ඓතිහාසික ස්ථාන හා විනෝදවන ස්ථාන පිළිබඳව ප්‍රදර්ශනය නැරඹීටම පැමිණි පිරිස් හා සෞදි සංචාරක නියෝජිතවරුන්ව දැනුම්වත් කරන ලදී.
මෙම ශ්‍රී ලංකා සංචරණය ප්‍රවර්ධන වැඩසටහන් හා දැක්ම රියාද් නුවරට අමතරව දමාම් නුවරදීද පැවැත්විණි.
ගිය වසරේදී පමණක් සෞදි ජාතිකයින් 35,000 ක් පමණ ලංකාවට පැමිණි අතර මේ වසරේදී හා 2020 රජයේ දැක්ම වැඩසටහන යටතේ එම සංචාරකයින් සංඛ්‍යාව තවත් ඉහළ නංවා ගැනීම සඳහා මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන දියත් කළ බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
දසවැනි වරටත් පැවැත්වූ ලොව පුරා රටවල් 50 කට අයත් සංචාරක නියෝජිතවරුන් 150 කට වැඩි පිරිසක් සහභාගී වන රියාද් සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් සෞදි වැසියන් මෙරටට ගෙන්වා ගැනීමටත් ,එරට සිටින සංචාරක නියෝජිතයින් සමඟ ඉදිරියටත් වැඩකටයුතු කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගනිමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ එපා. අරාබි රටවල් වල ප්‍රවර්ධන කටයුතු කරන්න එපා. සංචාරකයෝ ආවට පස්සේ ගහ මරා ගනීවි.
ලෝකයේ විවිධ රටවල මෙවැනි අවස්ථා පැමිණෙන විට එම රටවලට උචිත ආකාරයේ ආකර්ශනීය දත්ත යොදා ගනිමින් සිදුකරන ලද විශේෂ වැඩසටහන් සංචාරක මණ්ඩලය හෝ ඒ ආශ්‍රිත ආයතනවලින් පිළියෙළ කර තබා ගැනීම වැදගත්. මෙහිදී විවිධ මාතෘකා ඔස්සේ නව ඩිජිටල් තාක්ෂණය ලබාගෙන මනස්කාන්ත ලෙස ප්‍රදර්ශනය කල යුතුයි. ඉංග්‍රීසි බසට අමතරව එම රටවල මවුබස යොදාගැනීමත් වැදගත් යයි සිතමි.
ඔක්කොටම කලින් අපේ සමහර මිනිස්සුන්ට ශීලාචාරව සංචාරකයින් සම්බන්ධව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වන්න. සමහරු හිතන්නේ ඒ මිනිස්සු මෙහෙ එන්නේ චිත්‍රපටිවල රඟපාන්න කියලා.
මා සෞදියේ අවු 25 ක මෙම ක්සේතරයේ සේවය කල කෙනෙකි. කිසි දිනක ලංකාවී සංචාරක මණ්ඩලය කිසිම උත්සහයක් මේ සඳහා ගත්තේ නැහැ. මාලදීවයින ඉන්දුනීසියාව සිංගප්පුරුව වැනි රටවල් කරන උත්සහයන ගැන පුදුම සිතෙනවා. සෞදි ජාතිකයින්ට හෝටල් ,මුහුදු වෙරළවල් ගැන දැන්වීම් අනාවස්‍යයි. ඔවුන් ඒ දේවල් ගැන හොඳට දන්නවා. කොළ පාට පරිසරය, ගැමි ජීවිතය ,පුරාණ ස්ථාන ගැන හරි උනන්දුයි .