(රොමේෂ් මධුෂංඛ)
ජනතාවට සහන සැලසීමේ අරමුණින් සතොස ජංගම වෙළඳ රථ මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගම් මට්ටමින් අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදීයුර්න් මහතා පවසයි.
සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් සහන මිලට සතොස ජංගම වෙළඳ රථ මඟින් ජනතාවට ලබා දීමේ වැඩසටහනක් ජනපති හා අගමැතිගේ උපදෙස් මත අද (23) දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කළ බවත් ඉදිරියේ දී දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.
මෙහි මූලික අදීයරේදී ජංගම වෙළඳ රථ 50ක් යොදවා ඇති බවත් දිවයින පුරා ඇති සතොස වෙළඳ මධ්‍යස්ථාන 370ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ තුලින් ජීවන වියදම අඩුකිරීමට හැකිවන බවත් ඇමැති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි ගමටද යන්නේ කියල බලන්න වෙයි.
අදහස නම් හොඳයි. සැමවිටම මේ සේවාවල් නගරයටම නොදී, නගරයෙන් පිට ඈත ගම්වලටත් මේ ජංගම සේවාව ලබා දුනහොත් හොඳයයි සිතමි.
මොන පිස්සු වැඩක්ද ? දැනට අපේ රට පුරාම සතොස වෙළඳසැල් තියෙද්දිත් බඩු බෙදන්න ලොරි මොකටද ? සේවකයන්ගේ කාලය කා දමමින්, අනවශ්‍ය අන්දමට ඉන්ධන පාවිච්චි කරමින්, පරිසරය දුෂණය වන අන්දමට දුම් දමමින් කොහාටද මේ ලොරි යවන්න බලාපොරොත්තු වෙන්නේ, ඇමතිතුමනි ? ලාභ බඩු කළු කඩ කාරයන් අතට යාම වලක්වන්න පුලුවන්ද ? දිගටම මේ භාණ්ඩ සතොස වෙළඳ සැල් වලට යවන්න බැරි මොකොද ?
දැන් ඉතින් වාහන ගන්න ගිහිල්ල හොඳ කොමිසන් එකක් ගහලා තමා මෙයාලා පස්ස බලන්නේ.