(නිමල කොඩිතුවක්කු)
දැනට රට තුළ පවතින නිරෝධායන ඇදිරි නීතිය යටතේ සත්ත්ව ආහාර,සත්ත්ව නිෂපාදනහා සත්ත්ව ඖෂධ ප්‍රවාහනයේදී ඇතිවන ගැටළු විසදීම සදහා සෘජු දුරකථන අංක හඳුන්වාදීමට පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් 011-3423677 / 011-3423664 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා පැවසීය.
ඒ අනුව සත්ත්ව ආහාර,සත්ත්ව නිෂපාදන සහ සත්ත්ව ඖෂධ ප්‍රවාහනයට අදාල ඇදිරිනීති බලපත්‍ර ලබාගැනීමේ ගැටළු ඇතුලු සෙසු ගැටළු හා අභියෝග විසදීමට මැදිහත්කරුවෙකු ලෙස අමාත්‍යාංශය ක්‍රියාත්මක වේ.
උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා ගොවි මහතුන්ට මෙන්ම ක්ෂෙත්‍රයේ ව්‍යවසායකයින්ට ද මෙම සේවය ලබා ගත හැක.
ක්ෂේත්‍රයේ නියුතු ගොවි මහතුන්ගේ/ නිෂ්පාදකයින්ගේ හා ව්‍යවසාකයින්ගේ වැඩ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමත්, ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය ගැටළුවකින් තොරව ඉටු කිරීමත් මින් අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යංශ සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්ව පාලකයින්ගේ දුක හරියටම දන්නෙ සත්තු තමයි.