
අගෝස්තු මාසයේ අවසන් සතිය ලෙස කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භ වුණු ඊයේ (25) දිනයේදී සියලු දර්ශක අගයන් පහළ වැටීමක් සිදුවිය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 20,575.59 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 73.61කින් එනම් සියයට 0.36කින් පහත වැටීම සිදුවිය.
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා20 (S&PSL20) දර්ශකයත් ඒකක 6,042.51 ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 47.33කින් එනම් සියයට 0.78 ක් දක්වා පහත වැටීම සිදුවිය. දිනය තුළදී කොටස් මිලියන 133 ක් ගනුදෙනු වී තිබූ අතර, රුපියල් බිලියන 4.4ක සමස්ත පිරිවැටුමක් වාර්තා විය. ඊයේ දිනයේදී සමාගම් 76ක පමණක් කොටස් මිල ඉහළ යාම සිදුවූ අතර, සමාගම් 142ක කොටස් මිල පහළ යාමක් සිදුවිය. මේ අතර දිනය තුළදී රුපියල් මිලියන 801 ක් වටිනා විදේශ මුදල් ආයෝජන පිටතට ගලා යෑමක්ද වාර්තා විය.
2025 ඔක්තෝබර් මස 08
1638
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සතිය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළ පහළට