IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සතිය ආරම්භයේදී කොටස් වෙළෙදපොළ වර්ධනයක්

නව සතියක ආරම්භක ගනුදෙනු දිනය වූ ඊයේ (19) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් පෙන්නුම් කළේය.

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 18.29 කින් ඉහළ ගොස් ඒකක 16,397.68 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 14.37කින් ඉහළ ගොස් ඒකක 4,835.04 ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි.

සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙලාන් බැංකුව, CT හෝල්ඩිංග්ස් හා කොමර්ෂල් බැංකුව යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

කෙසේවෙතත් සමාගම් 81 ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබියදී සමාගම් 108 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂය පහළ ගොස් තිබීමද ඊයේ දක්නට තිබුණි. 

රු.බි. 2.6ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ වාර්තා වූ අතර අඛණ්ඩව හයවැනි දිනටත් සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි.

 



අදහස් (0)

සතිය ආරම්භයේදී කොටස් වෙළෙදපොළ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site