IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සෙත්මා රෝහලට බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන ගම්පහ සෙත්මා රෝහල ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2025 බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ ආගන්තුක සත්කාර, සංචාරක සහ වෙනත් සේවා අංශයේ විශිෂ්ටම ව්‍යවසායකයා (මධ්‍යම පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. 2006දී ගම්පහදී ආරම්භ වූ සියලු‍ පහසුකම්වලින් සමන්විත සෞඛ්‍ය සේවා සපයන්නකු වන සෙත්මා රෝහල වර්තමානයේදී විශාල දියුණුවක් ලබා තිබේ. සභාපති වෛද්‍ය ඩී.සී.එස්. ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන එය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කවුන්සිලයේ (PHSRC) ලියාපදිංචිය ලබා ඇත.
ඇඳන් 70කින් සමන්විත නවීන රෝහලක් වන එය ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ක්‍රියාත්මක වේ. සෙත්මා රෝහල වැඩිහිටි රැකවරණ, හදිසි ප්‍රතිකාර, මාතෘ හා බිළිඳු ප්‍රතිකාර, දන්ත හා හෘද රෝග සායන, වේදනා කළමනාකරණය, චර්ම රෝග ප්‍රතිකාර, රූපලාවණ්‍ය සත්කාර, බාහිර රෝගී ප්‍රතිකාර, අක්ෂි ප්‍රතිකාර, වෛද්‍ය පරීක්ෂණ, රසායනාගාර සේවා, පෝෂණ හා ශරීර බර කළමනාකරණය, සුළු හා සාමාන්‍ය ශල්‍යකර්ම, ඔසුසල ඇතුළු සේවා රැසක් සපයයි. සෙත්මා රෝහල සුළු හා සාමාන්‍ය ශල්‍යකර්ම කළ හැකි අංගසම්පූර්ණ ශල්‍යාගාර දෙකකින් සහ පූර්ණ වෛද්‍ය පරීක්ෂණ සේවා සපයන සම්පූර්ණ ස්වයංක්‍රීය වෛද්‍ය රසායනාගාරයකින් සමන්විත වේ. නේවාසික රෝගීන්ට සුව පහසු කාමර කාණ්ඩ කිහිපයක් හඳුන්වා දී ඇත. 2017දී සහ 2018දී ලංකා වාණිජ මණ්ඩලය බස්නාහිර පළාතේ විශිෂ්ටම සේවා ව්‍යවසායකයා සඳහා පිරිනැමූ සම්මාන දිනා ගැනීමට සෙත්මා රෝහලට හැකි විය.



අදහස් (0)

සෙත්මා රෝහලට බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site