මෙතෙක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පමණක් විකාශය වූ ශ්‍රද්ධා ටීවී රූපවාහිනී නාලිකාව යූඑච්එෆ් 55 ඔස්සේ බස්නාහිර පළාතේ විකාශන කටයුතු පුළුල් කළ බව ශ්‍රද්ධා මාධ්‍ය ජාලය පවසයි.
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ පුණ්‍ය සංකල්පයක් අනුව බිහිවූ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය හරහා ධර්ම දානය සිදුකරමින් ශ්‍රද්ධා ගුවන් විදුලිය හා ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව නම් කර ඇත්තේ සත්පුරුෂ මාධ්‍ය ජාලය නමිනි.
ජනවාරි 1 වැනිදා සිට බස්නාහිර පළාතේ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාමාන්‍ය නාලිකාවක් ලෙස විකාශය වන ශ්‍රද්ධා රූපවාහිනිය කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිට සිය විකාශන කටයුතු මෙහෙයවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලොව සියලු සත්වයාට සදහම් සිසිල මෙන්ම ධර්ම දානය ලබා දීමට ශක්තිය ලැබේවා (ම)
මුළු ලංකාවටම පුළුල් ආවරණයක් ලබාදීමට පින්කෙත් පහළවේවා! (නි)
නමෝ බුද්ධාය ..! මුළුමහත් ලංකාව පුරා පුළුල් ආවරණයක් ලබාදී දහම් අමාපානයෙන් ලක්වැසි ජනයා සනහාලන්නට හැකිවේවා..! (නි)
ධර්මය නම් කොහොම දේශනා කළත් හොඳ දෙයක්. ඔබ වහන්සේලාගේ මේ පුණ්‍යකර්මය නිසා ඔබවහන්සේලාටත් බණ අසන අපිටත් යහපතක්ම වේවි (නි)
සාදු සාදු සාදු!!! (නි)
අලි හොරකම් කිරීමේ ආදීනව ගැන පුළුල් ප්‍රචාරයක් ලැබේවා! (බ)
මේ යුගයේ..ගෞතම සම්බුදු සසුනේ පිහිට ලබා ගැනීමට තිබෙන ප්‍රධානම මඟ නම්, ශ්‍රද්ධා ශ්‍රවණයයි.... මෙයට දායක වූ සියලු දෙනාම මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට හේතු වේවා...(ම)
මෙම ඉල්ලීම කරන්න කාලයක් බලාගෙන සිටියා. ටීවී නාලිකාවකින් බණ වැඩසටහන් පෙන්වන විට බණ කීම පටන්ගන්න පෙර බණ අසන්න සිටින සැදැවතුන් පෙන්වන්න. ඊටපසු බණ අවසන් වුණවිට නැවත බණ අසාසිටි අය පෙන්වුවාට කමක් නැත. බණ කියන අතරතුර බණ අසන අය පෙන්වීම නිසා ගෙවල් වල සිට බණ අසන අයගේ බණට තිබෙන අවධානය කැඩී යනවා. බණ වැඩසටහන යන අතර බණ කියන හාමුදුරුවන් පමණක් පෙන්වන්න. (නි)
රොකී, කුණු කන්දල් අවුස්සන්නේ නැතුව මේ උතුම් නාලිකාව ගැන මීටවඩා බුද්ධිමත්ව සිතන්න (නි)