බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමට අයත් ඇග්ස්ටාර් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සජීව රණසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

මෙම පත් කිරිමට පෙරාතුව ඒ මහතා බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ හවුල්කාර සමාගමක් වන ඇසෝසියේටඩ් බැටරි මැනියුෆැක්චර්ස් (සිලෝන්) ලිමිටඩ් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළේය. එසේම ඊට පෙර ඒ මහතා ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්, ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී මෙන්ම ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් යන සමාගම්හිද ඉහළ තනතුරු හොබවා තිබේ.