භානුක අමරසිංහ
මෙරට පුමුඛතම සංවර්ධන බැංකුවක් වන NDB (National Developemnt Bank PLC) හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සංජය මොහොට්ටාල මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මොහොට්ටාල මහතා මැයි 16 වැනිදා සිට බලාත්මක වන පරිදි බැංකුවෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ.
මෙහිදී NDB බැංකුවේ සියයට 9.96ක කොටස් හිමිකාරීත්වයක් හිමි නෝර්වේහි NORFUND අරමුදල මගින් බැංකුව වෙත නම් කළ අධ්‍යක්ෂවරයා ලෙස මොහොට්ටාල මහතා පත් කර තිබේ. මෙතෙක් කලක් එම අරමුදලෙහි නියෝජිතයා ලෙස කටයුතු කළ පියචත්‍ර චෙත්නාකර්න්කුල් වෙනුවට මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
බොස්ටන් කන්සල්ටින්ග් ගෘප්හි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වන සංජය මොහොට්ටාල මහතා මීට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළේය. වර්තමානයේදී ඒ මහතා සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංජය මොහොට්ටාල NDB අධ්‍යක්ෂ මණ්ඩලයට