( තිළිණි ද සිල්වා )
ඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් 207,507 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එම සංඛ්‍යාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 252,033 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සංචාරකයින් මෙරටට පැමිණීම සියයට 17.7 ක අඩුවී ඇතැයිද එම අධිකාරිය පැවසීය.
ගෝලීය වසංගත තත්ත්වයක් බවට මේ වන විට පත්ව ඇති කොරෝනා වෛරස් හේතුවෙන් මේ වන විට ගෝලීය සංචාරක කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ පා ඇති බවත් මේ තත්ත්වය යටතේ ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් 10 ලැයිස්තුවේ සිටි චීනය ඉවතට විසි වී තිබේ.
ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී මෙරට පැමිණ ඇත්තේ චීන සංචාරකයින් 2096 කු පමණක් වන අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදි පැමිණි චීන සංචාරකයින් 28,039 සංඛ්‍යාව හා සැසඳීමේදී එරටින් සංචාරකයින් පැමිනී සියයට 92.5 කින් පහත වැටී ඇතැයිද සංචාරක සවංර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා පැවසීය.
පෙබරවාරි මාසයේ දී වැඩිම සංචාරකයින් සංඛ්යා වක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 35,309 ක් වේ. මීට අමතරව බ්‍රිතාන්‍ය 26,348 ක්ද , රුසියාවෙන් 20,948 ක්ද , ජර්මනියෙන් 16,405 ක්ද , ප්‍රංශයෙන් 11,430 ක්ද , ඕස්ට්‍රේලියාවෙන් 9578 ක්ද , ඇමෙරිකාවෙන් 7803 ක්ද , යුක්රේනයෙන් 6072 ක්ද , කැනඩාවෙන් 5482 ක් හා පෝලන්තයෙන් 4693 ක්ද වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
මේ වසරේ මුල් මාස දෙක තුළ දී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 435,941 ක් වන අතර එය පසුගිය වසරේ මුල් මාස 02 ට වඩා 12.1%ක පහළ යාමක් යැයිද අධිකාරිය කියයි.
චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්තවූ කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ලොව පුරා සංචාරක කර්මාන්තය දැඩි අර්බුදකාරීත්වයකට පත්ව තිබේමේ තත්ත්වය හේතුවෙන් ඇතැම් රටවල් චීන සංචාරකයින් තම රට තුළට පැමිණීම ද වළක්වා ඇති අතර එය මෙරට සංචාරක කර්මාන්තයට බලපා ඇතැයි එම අධිකාරිය පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්තයෙන් විනිමය ලැබෙනවා වගේම තව ටිකදවසකින් දකුණු කොරියාවේ, ඉතාලියේ සහ මැදපෙරදිග කොරෝනා වලින් උත්සන්න වෙනකොට අපේ අයට ලංකාව මතක්වෙලා දහස් ගණනින් එතන්ටත් පුළුවන්... ඒ වගේම සංචාරක කර්මාන්තය නිසා අනිවාර්යයෙන්ම ලංකාවට නුදුරු අනාගතේදීම කොරෝනා වලින් විශාල තර්ජනයක් එන එක වළක්වන්නට නොහැකියි...
සංචාරක කර්මාන්තයෙන් විනිමය ලැබෙනවා වගේම තව ටික දවසකින් දකුණු කොරියාවේ, ඉතාලියේ සහ මැදපෙරදිග කොරෝනා වලින් උත්සන්න වෙනකොට අපේ අයට ලංකාව මතක්වෙලා දහස් ගණනින් එන්ටත් පුළුවන්... ඒ වගේම සංචාරක කර්මාන්තය නිසා අනිවාර්යයෙන්ම ලංකාවට නුදුරු අනාගතේම කොරෝනා වලින් බලපෑම් එන්ට ඉඩකඩ බොහොමයි.