IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සංචාරක හෝටල් සියල්ල සංචාරකයන්ට විවෘතයි

දෙසැම්බර් මුල් දින 04 දී සංචාරකයෝ 25,000 ක් මෙරටට ඇවිත් 

2026 මුල් මාස තුනේදී 750,000 කට වැඩි සංචාරක පැමිණීම් අපේක්ෂාවක් 


භානුක අමරසිංහ 


දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව මෙරට සියලු‍ම සංචාරක හෝටල් දෙස් විදෙස් සංචාරකයන් පිළිගැනීම සඳහා සූදානමින් සිටින බව සංචාරක බලධාරීහු පවසති. ඒ අනුව මෙම ආපදා තත්වයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තය යළිත් ශක්තිමත්ව නැගී සිටිමින් පවතින බවත් ඔවුහු සඳහන් කරති. 

පසුගියදා පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) සභාපති නලින් ජයසුන්දර, ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ (THASL) සභාපති අශෝක හෙට්ටිගොඩ යන මහත්වරු මේ සඳහා සහභාගි වී සිටියහ. 

එහිදී වි‍ශේෂයෙන්ම ආපදාවෙන් දරුණු බලපෑමට ලක් වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කාමර 600 ක් පමණ මේ වනවිට සංචාරකයන් සඳහා විවෘතව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේය. 

 “දෙසැම්බර් මාසයේ මුල් දින හතරට සංචාරකයන් 25,000 ක් මෙරටට ඇවිත් තිබෙනවා. ඒ කියන්නේ දිනකට සංචාරකයන් 5,000 කට වැඩි සංඛ්‍යාවක්. මේ අතරට යුරෝපා සංචාරකයන්ද ඇතුළත්. පසුගිය දින කිහිපයේදීම සුඛෝපභෝගී නෞකා හතරකට වැඩි ප්‍රමාණයක් මගින් සංචාරකයන් මෙරටට පැමිණියා.” 

මෙම සංචාරක පැමිණීමේ ප්‍රවණතාවත් සමගින්ම මේ වසරේ දෙසැම්බර් මාසය තුළ සංචාරකයන් 250,000 කට අධික පිරිසක් පැමිණෙතැයි අපි අපේක්ෂා කරන බවත්, එය බොහෝ විට 2018 වසරේ අගයන් ඉක්මවනු ඇතැයිද සභාපතිවරයා පැවසුවේය. එසේම ලබන වසරේ මුල් මාස තුනේදී මාසිකව 250,000ක් බැගින් සංචාරකයන් 750,000 ත් මිලියනයත් අතර පිරිසක් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය. 

 “මේ පිරිස් දිනකට ඩොලර් 150ක් ගණනේ වියදම් කළොත් එය අතිවිශාල මුදලක්. එය මේ වෙලාවේ මෙරට ආර්ථිකයට අතිශය වැදගත් මුදලක්.” සභාපතිවරයා පවසා සිටියේය. 

මෙහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා, සංචාරකයන් සඳහා අවශ්‍ය ආහාර මෙන්ම ඔවුන්ට සේවය සැලසීම සඳහා වන හෝටල් සේවක කණ්ඩායම්ද මේ වනවිට එම හෝටල් සතුව පවතින බව සඳහන් කළේය.



අදහස් (0)

සංචාරක හෝටල් සියල්ල සංචාරකයන්ට විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site