IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංචාරක සංවර්ධන අධිකාරියත් GovPay සමග එක්වෙයි

භානුක අමරසිංහ


රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay හා එක්වීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගත් බව පවසයි. ඒ අනුව මෙම වේදිකාව හා සම්බන්ධ වුණු 134 වැනි රාජ්‍ය ආයතන බවටත් එම අධිකාරිය පත්ව තිබේ. 
මෙහිදී එම එකඟතාවට අදාළ එකඟතාව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සහ GovPay වේදිකාවේ මෙහෙයුම්කරුවා වන Lankapay හි ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා යන මහත්වරුන් අතර සිදු විය. 
මෙම සම්බන්ධතාවත් සමගින් එම අධිකාරියට අදාළ සේවා සඳහා වන ගෙවීම් අන්තර්ජාලය හරහා ඩිජිටල් ආකාරයෙන් සිදු කිරීමේ හැකියාව ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව සංචාරක කර්මාන්තයේ මෙහෙයුම් සිදු කරන්නන් වෙත අදාළ වන සංචාරක සංවර්ධන බදු ඇතුළුව  අනෙකුත් බලපත්‍ර සඳහා වන ගෙවීම් වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වෙයි. 
අද වනවිට බැංකු 14ක් සහ ෆින්ටෙක් ආයතන හයක් සමගින් මෙම GovPay සම්බන්ධව සිටියි. මේ දක්වා එම වේදිකාව හා සම්බන්ධ ඇති රජයේ සේවා සංඛ්‍යාව 1,773ක් දක්වා ඉහළ නැග තිබේ.



අදහස් (0)

සංචාරක සංවර්ධන අධිකාරියත් GovPay සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site