
භානුක අමරසිංහ
රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay හා එක්වීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගත් බව පවසයි. ඒ අනුව මෙම වේදිකාව හා සම්බන්ධ වුණු 134 වැනි රාජ්‍ය ආයතන බවටත් එම අධිකාරිය පත්ව තිබේ.
මෙහිදී එම එකඟතාවට අදාළ එකඟතාව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සහ GovPay වේදිකාවේ මෙහෙයුම්කරුවා වන Lankapay හි ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා යන මහත්වරුන් අතර සිදු විය.
මෙම සම්බන්ධතාවත් සමගින් එම අධිකාරියට අදාළ සේවා සඳහා වන ගෙවීම් අන්තර්ජාලය හරහා ඩිජිටල් ආකාරයෙන් සිදු කිරීමේ හැකියාව ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව සංචාරක කර්මාන්තයේ මෙහෙයුම් සිදු කරන්නන් වෙත අදාළ වන සංචාරක සංවර්ධන බදු ඇතුළුව අනෙකුත් බලපත්‍ර සඳහා වන ගෙවීම් වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් වෙයි.
අද වනවිට බැංකු 14ක් සහ ෆින්ටෙක් ආයතන හයක් සමගින් මෙම GovPay සම්බන්ධව සිටියි. මේ දක්වා එම වේදිකාව හා සම්බන්ධ ඇති රජයේ සේවා සංඛ්‍යාව 1,773ක් දක්වා ඉහළ නැග තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd