IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට ‘සහන පැකේජයක්’

(රංජන් කස්තුරි)
 
පාස්කු ඉරිදා සිදුවීමෙන් කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය යළි කඩිනමින් නගා සිටුවීම සඳහා ‘සහන පැකේජයක්’ ලබාදීමට රජය තීරණය කර තිබේ.
 
ඒ අනුව සංචාරක ව්‍යාපාරිකයින්ට ඉකුත් මාර්තු මස 31 වැනිදින සිට 2020 වසරේ අප්‍රේල් මාසය දක්වා වසරක කාලයක් යනතුරු බැංකු ණය නොගෙවීමට සහන කාලයක් ලබාදීමට තීරණය කළ බව වැඩබලන මුදල් ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
 
මීට අමතරව සංචාරක ව්‍යාපාරයන්හි කාරක ප්‍රාග්ධනය මත වාණිජ බැංකු හරහා ණයක් ලබාදීමටත් එම ණය සඳහා 3.4%ක සහන පොලියක් අයකිරීමටත් නියමිත බවද ඔහු කීය.
 
මෙතෙක් සංචාරක ව්‍යාපාරයෙන් අයකළ 15%ක වැට් බද්ද ක්‍රියාත්මක වන පරිදි 5% දක්වා අඩුකළ බවද ඔහු පැවසීය.



අදහස් (5)

සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට ‘සහන පැකේජයක්’

chandima Tuesday, 07 May 2019 03:40 PM

ඔය පැකේජ් දැන් දීලා වැඩක් නැහැ, වැඩේ අවුල් වෙලා ඉවරයි.

:       20       88

de silva Wednesday, 08 May 2019 12:21 AM

දීපු පැකේජ් එක ගැන ධනාත්මක බලමු , ණය පොලි කපන එක සහ වැට් බද්ද අඩුකරන එක හෝටල් හිමියන්ට තම ව්‍යාපාර බංකොලොත් භාවයෙන් මුදා ගන්න උදවුවක් වේවි , නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ සංචාරකයා ලංකාවට අද්දව ගන්න දෙයක් මෙහි නොසිදුවිමය , උදාහරණයක් වශයෙන් ගතහොත් බටහිර රටවලින් එන සංචාරකයන්ට ඉස්සර තිබුන ක්‍රමයට on arrival ක්‍රමයට නොමිලේ විසා දීම , සිගිරිය , වන උද්‍යාන වැනි ස්ථානවල ප්‍රවේශ ගාස්තු අඩු කිරීම , සංචාරකයන් සදහා පහසු ශටල් බස් සේවයක් (ගාස්තුවකට යටත්ව) ගුවන් තොටුපලේ සිට සංචාරක මර්මස්ථාන වලට ඇතිකිරීම , සංචාරක මර්මස්ථානවල වැසිකිලි පහසුකම් වැඩි දියුණු කර පවත්වාගැනීම .

:       0       111

d.upul Wednesday, 08 May 2019 04:58 AM

මුන්ට අමු කැවිලද? ජිවිත අහිමි වුනොත් නැවත ලබාදෙනවා කියලත් දාන්න.

:       0       44

BANDARA RATHNAYAKE Monday, 13 May 2019 05:25 AM

ණය ගත්තු අසරණ සේවකයන්ට මොකද වෙන්නේ ???????????????

:       0       0

kujitha Tuesday, 14 May 2019 10:50 AM

"ඒ අනුව සංචාරක ව්‍යාපාරිකයින්ට ඉකුත් මාර්තු මස 31 වැනි දින සිට 2020 වසරේ අප්‍රේල් මාසය දක්වා වසරක කාලයක් යනතුරු බැංකු ණය නොගෙවීමට සහන කාලයක් ලබාදීමට තීරණය කළ බව වැඩබලන මුදල් ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය." මේකේ ඇත්ත නැත්ත අපි විස්තර හොයා ගන්ඩ අපි පාර්ලිමේන්තු යන්න ඕනෙද, බැංකුවට යන්න ඕනෙද, අමාත්‍යාංශයට යන්ද ඕනෙද? මුකුත් අවශ්‍ය නොවේ.. පොලිය 3.4% කරලා දෙන්න.. ඒ උපකාරය වටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site