(තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුන් සදහා රජය ලබා දෙන රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ගෙවන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට අද (16) උපදෙස් ලබා දුන්නේය.
ඉදිරි සතිය තුල ඒ සදහා ඉල්ලම් කර සුදුසුකම් සපුරා ඇති සියළුම දෙනාට මෙහි ගෙවීම් කටයුතු සිදු කර අවසන් කරන ලෙසද ඇමතිවරයා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේතුංග මහත්මියට උපදෙස් ලබා දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්වු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට හා මාර්ගෝපදේශකයන්ට එක්වරක් පමණක් රුපියල් 15,000 හා 20,000 බැගින් වූ දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබිණ. එහෙත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බව සදහන් රියදුරන් බොහෝමයක් නිසි ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නොතිබූ නිසා මෙම රියදුරන්ට රුපියල් 15,000 ක දීමනාව ලබා දීම දිගින් දිගටම ප්‍රමාද වූ බවද සංචාරක අමාත්‍යාංශය පෙන්වා දේ.
මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ ඇමතිවරයා එලෙස ලියාපදිංචිය ක්‍රමවත්ව සිදු නොවූ රියදුරන්ගේ ලියාපදිංචිය කඩිනමින් විධිමත් කරන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දෙන ලදී.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සදහන් කලේ සංචාරක සංවර්ධන අධිකාරියට ලැබී තිබෙන සංචාරක රියදුරන් 4313 කගේ අයදුම්පත් අතරින් සුදුසුකම් සැපිරු 3085 දෙනෙකුට අදාල රුපියල් 15,000 දීමනාව මේ සතිය තුල ලබා දීමට කටයුතු කරන බවය.
ඒ අතර පූර්ණ කාලීන සංචාරක රියදුරන් 1823 ක් සංචාරක බස් රථ රියදුන් හා රිය සහායකයන් 45 ක් ත්‍රිරෝදරථ රියදුන්ගේ 658 ක් හා සෆාරි රියදුරන් 559 ක් වන බවද ඇය කියා සිටියාය.
සංචාරක සංවර්ධන අධිකාරියේ පුහුණුව නොලැබූ රියදුරන් 359 දෙනෙකුද මේ සදහා අයදුම් කර ඇති අතර ඔවුන් කඩිනමින් ලියාපදිංචිය සදහා යොමු කර ඇති බවද විජේසිංහ මහත්මිය කිවාය.
මීට අමතරව රුපියල් 20,000 ක දීමනාව ඉල්ලා තිබූ සංචාරක මාර්ගෝපදේශකයන් 1998 දෙනෙකුට අදාල ගෙවීම් කටයුතු මේ වන විට සිදු කර අවසන් බවද අධ්‍යක්ෂ ජෙනරාල් වරිය කියා සිටියාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංචාරක රියදුරන් සඳහා ලබා දෙන දීමනාව කඩිනමින් ගෙවන්නැයි උපදෙස්
mati mola Monday, 16 November 2020 09:14 PM
පවුලකට 5000 යි. මෙ අයගේ හෙංචයියන්ට හොද්ද බොරකරගන්න 15000 ඛෙදන්න යනවා.