( තිළිණි ද සිල්වා )
විදේශීය සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා බස්රථ යොදවා සිටින සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර , කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ලංකා සංචාරක බස්රථ හිමියන්ගේ සංගමය හා අතර එම අමාත්‍යංශයේ දී පසුගිය 14 වැනිදා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීමත් සමඟ මෙම බස්රථ ධාවනය සම්පුර්ණයෙන්ම අඩාල වු බවත් කල්බදු වාරික ගෙවා ගත නොහැකිව ඇතැම් බස්රථ මේ වන විට ලීසිං සමාගම් විසින් රැගෙන ගොස් ඇති බවත් ලංකා බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් මෙහිදී ඇමැතිවරයාට පෙන්වා දුන්හ.
පසුගිය රජය සමඟ රැස්වීම් ගණනාවක් පැවැත්වුවද කිසිදු සහනයක් නොලැබුණු බව ඔවූහූ ඇමැතිවරයාට මෙහිදී පැමිණිලි කලහ.
නව රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන රුපියල් මිලියන 300 සහන ණය යෝජනා ක්‍රමයට තමන් ද ඇතුළත් කරන්නැයි බස්රථ හිමියන්ගෙන් ඉල්ලා සිටියහ.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මේ පිළිබදව මුදල් අමාත්‍යංශයේ අවධානය යොමු කරන බවයි. ඔවුන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව පැවසු ඇමැතිවරයා එම කැබිනට් පත්‍රිකාව සකසන ලෙස අමත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මියට උපදෙස් දුන්නේය.
විදේශීය සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මේ වනවිට බස්රථ 700ක් පමණ යොදවා තිබෙන අතර එයින් සංචාරක සමාගම් සතුව ඇත්තේ 5% ක පමණ සංඛ්‍යාවක් බවත් ඉතිරි 95% ම යොදවා ඇත්තේ පෞද්ගලික ව්‍යවසායකයින් විසින් යැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ පෙන්වා දේ. ඉන් 98% ක් ම බස්නාහිර පළාතේ ව්‍යවසායකයින් විසින් යොදවා ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංචාරක බස්වල කල්බදු වාරික ගෙවන්න සහන කාලයක්
rana Friday, 17 January 2020 03:56 AM
ලාබ ලබනවිට අපිට පාර්ට් , කුලියට වාහනයක් වත් දෙන්නේ නැහැ, අපි ලෝකල් හයර් යන්නේ නැහැ, දැන් කාසි නැති වෙනකොට අපි සහ අපේ කාසි හොඳ නේ ? හිතන්න ආණ්ඩුව බෙදන්නේ මහජන මුදල් බව .
malaya Saturday, 18 January 2020 09:05 AM
මේ බස් රථවලින් කීයක් ඔය කියන ඇමති කෙනාට අයිතිද කියලා දන්න කෙනෙක් ඉන්නවද?