IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සංචාරක පැමිණීම් ලක්ෂ හය පන්නයි

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය 16 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 613,728 ක් පැමිණ ඇති අතර මෙම වසරේ ඉලක්කය වන සංචාරකයන් මිලියන තුන සපුරා ගැනීම සඳහා තවත් සංචාරකයන් 2,386,272 ක් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත.

එසේම මෙම මස පළමු දින 16 තුළදී මෙරටට සංචාරකයන් 120,750 ක් පමණ තිබූ අතර මෙම මස ඉලක්කය වන 302,803 සපුරා ගැනීමට සඳහා තවත් 182,053 සංචාරකයන් පිරිසක් ඉතිරි දින 15 තුළදී මෙරටට පැමිණිය යුතුව තිබේ. පළමු දින 16 තුළ මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 19,317 කි. එහිදී දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය ජර්මනියටත් හිමිව ඇති අතර රුසියාවේ සංචාරකයන් 16,562 ක් සහ ජර්මනියෙන් සංචාරකයන් 10,982 ක් පළමු දින 16 තුළදී මෙරටට පැමිණ ඇත.

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය 16 වැනිදා දක්වා කාලයේදීද වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 98,420 කි. එහිදී සංචාරකයන් 80,953 ක් පැමිණි රුසියාවට දෙවැනි ස්ථානයත් සංචාරකයන් 58,124 ක් පැමිණි එක්සත් රාජධානියට තෙවැනි ස්ථානයත් හිමිව ඇත.



අදහස් (0)

සංචාරක පැමිණීම් ලක්ෂ හය පන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 207 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site