IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සංචාරක පැමිණිම් ලක්ෂ 16 ඉක්මවයි වසරේ ඉලක්ක මගහැරෙන ලකුණු

  • මේ වසරේ මෙතෙක් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම ගණන 335,766ක්
  • දෙවැනි ස්ථානය එක්සත් රාජධානියට. තෙවැනි ස්ථානයට රුසියාවට 
  • මෙම මස පළමු දින 7දී සංචාරකයෝ 37,495 ක් මෙරටට පැමිණිලා
  • ලක්ෂ 30 වාර්ෂික ඉලක්කය සපුරා ගැනීමට නම් තවත් සංචාරකයන් 1,395,982 ක් ඉතිරි මාස 4දී ගෙන්වාගත යුතුයි
  • මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා මාසික ඉලක්ක කිසිවක් සපුරා ගැනීමට මෙතෙක් ශ්‍රී ලංකාව සමත් වී නෑ

විමුක්ති එස්. රුද්‍රිගු

මෙම මස පළමු දින 7දී සංචාරකයන් 37,495 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ සමග මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් පිරිස 1,604,018 දක්වා ඉහළ ගොස් ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පළමු දින 7 දී මෙරටට සංචාරකයන් 29,239 ක් මෙරටට පැමිණ තිබිණි. මෙම මස පළමු දින 7දී වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම කාලයේදී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 10,171 ක් මෙරටට පැමිණ ඇත.

එසේම මෙම වසර ආරම්භයේ සිට මේ දක්වාද මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම කාලයේදී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 335,766 මෙරට පැමිණ තිබිණි. මෙම වසරේ දෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියවෙන්ය.

එහිදී එක්සත් රාජධානියෙන් මෙරටට සංචාරකයන් 154,174 ක් මෙරටට පැමිණ ඇති අතර රුසියාවෙන් මෙරටට සංචාරකයන් 119,592 ක් මෙරටට පැමිණ ඇත.

මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 30 ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම මසදී සංචාරකයන් 185,043 ක් මෙරටට ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය ඉලක්ක කර ඇත. 

ඒ අනුව ඉතිරි දින 23 ක කාලයේදී මෙරටට තවත් සංචාරකයන් 147,548 ක් මෙරටට පැමිණිය යුතුව ඇත. එසේම සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමේ වාර්ෂික ඉලක්කය සපුරා ගැනීමට නම් තවත් සංචාරකයන් 1,395,982 ක් ඉතිරි මාස 4 ආසන්න කාලෙය්දී මෙරටට පැමිණිය යුතුය.

ලක්ෂ 30ක සංචාරක ඉලක්කය සපුරා ගැනීම සඳහා එළැඹෙන ඔක්තෝබර් මාසයේදී මෙරට සංචාරකයන් 197,693 ක්ද, නොවැම්බර් මාසයේදී සංචාරකයන් 260,229 ක්ද, දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 344,309 ක්ද මෙරටට ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය ඉලක්ක කර ඇත.

කෙසේ වෙතත් මෙම වසරේ ලක්ෂ 30ක සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා මාසික ඉලක්ක කිසිවක් සපුරා ගැනීමට මෙතෙක් ශ්‍රී ලංකාව සමත් වී නොමැත. ජනවාරි මාසයේ මාසික ඉලක්කය 52,926 කින්ද, පෙබරවාරි මාසයේ මාසික ඉලක්කය 70,720 කින්ද, මාර්තු මාසයේ මාසික ඉලක්කය 73,505 කින්ද, අප්‍රේල් මාසයේ මාසික ඉලක්කය 50,102 කින්ද, මැයි මාසයේ මාසික ඉලක්කය 32,199 කින්ද, ජූනි මාසයේ මාසික ඉලක්කය 39,016 කින්ද, ජූලි මාසයේ මාසික ඉලක්කය 76,951 කින්ද, අගෝස්තු මාසයේ මාසික ඉලක්කය 50,784 කින්ද ශ්‍රී ලංකාවට මගහැරී ගියේය.

මෙම වසරේ පළමු මාස 8 තුළදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.03 ක මුදලක් උපයා තිබූ අතර එය පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 7.8 ක වර්ධනයකි. පසුගිය වසරේ පළමු මාස 8 දී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.88 ක් ලෙස සඳහන්ව තිබිණි.

එසේම මෙම වසරේ පළමු මාස 8 දී සංචාරකයන් 1,566,523 ක් පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර එය පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 15 වර්ධනයක් විය. පසුගිය වසරේ පළමු මාස 8 මෙරටට සංචාරකයන් 1,362,668 ක් මෙරටට පැමිණ තිබිණි.

එසේම මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණක් මෙරට පැමිණි සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 318.5 ක් මුදලක් උපයා ඇති අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සංචාරක ආදායමේ පහළ යාමකි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙරට සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 328.3 ක් විය.

මෙම වසරේදී මෙරටට පැමිණ සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇති අතර එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉතිරි මාස 4 ක පමණ කාලයේදී තවත් ඩොලර් බිලියන 3 ක පමණ ආදායමක් උපයා ගත යුතුව ඇත.

වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසරේදී සංචාරක පැමිණීම් සහ ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වන්නේය.

 



අදහස් (0)

සංචාරක පැමිණිම් ලක්ෂ 16 ඉක්මවයි වසරේ ඉලක්ක මගහැරෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13297 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site