IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ජාතික සංචාරක කවුන්සිලයක්

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ

 මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනය අරමුණු කරගනිමින් ජාතික සංචාරක කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය සංචාරක අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. පසුගියදා ඩේලිඑෆ්ටී පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. 
ඒ අනුව ඊට අදාළ යෝජනාවට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණු බවත් ඔහු පවසා තිබේ. “මෙම යෝජනාව සම්මතවීමත් සමගින්ම ඉදිරියේදී අපිට මේ කවුන්සිලයේ කටයුතු ආරම්භ කළ හැකි වේවි. නව ජනාධිපති ඒකකයක් හරහා මෙම කවුන්සිලයේ කටයුතු සිදු වේවි’’ යනුවෙන් ඔහු පවසා ඇත. 
වි‍ශේයෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා දීර්ඝ කාලිනව පවතින අකාර්යක්ෂමතා මඟහරමින් එහි දියුණුවක් ළගා කරගැනීම මෙම කවුන්සිලයේ අරමුණ වී ඇත. 
ඒ අනුව මෙම නව සැකසුම යටතේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය යන ආයතන මෙම කවුන්සිලය යටතට පත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා සංචරණ සහ හෝටල් කළමනාකරණ ආයතනය වෙනම ආයතනයක් ලෙස පවත්වා ගෙන යාම සැලසුමයි. 
“මෙම ජාතික සංචාරක කවුන්සිලය පිහිටුවීමෙන් සංචාරක ක්ෂේත්‍රය සඳහා වන සැලසුම් සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම් වඩාත් වේගවත්ව සිදු කිරීමට හැකියාව ලැබේවි’’ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. 
එහිදී ආයෝජන විශ්වාසය බිඳ වට්ටවමින් ව්‍යාපෘති ප්‍රමාදවීම් සඳහා හේතුවන අධිකරණමය ක්‍රියාමාර්ග සහ නිලධාරීවාදය ඉවත් කිරීමටද මෙම නව ජාතික සංචාරක කවුන්සිලය හරහා සහාය ලැබෙනු ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. 



අදහස් (0)

සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ජාතික සංචාරක කවුන්සිලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site