(බිඟුන් මේනක ගමගේ )
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ බිඳවැටීමෙන් ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත්ව සිටින මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සැලැසීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක සහ ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ‘ලංකාදීප’ යට අද (24) පැවැසීය.
හෝම් ස්ටේ සංකල්පය යටතේ කොළඹින් පිට පළාත්වල විශාල පිරිසක් සංචාරක කර්මාන්තයට සම්බන්ධ වී යැයි ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ අර්බුදකාරී පරිසරයෙහි ඔවුන්ගේ ආර්ථිකය බිඳවැටුණේ යැයි ද අමාත්‍ය රණතුංග මහතා අවධාරණය කළේය.
ඒ අනුව මෙම පිරිස්වලට සිය ව්‍යාපාර යළි ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ යැයි ද රණතුංග මහතා පැවැසීය.
2009 යුද්ධය නිමාවීමෙන් පසුව සංචාරක කර්මාන්තය සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගත් නමුත් 2015න් පසුව හටගත් දේශපාලන අස්ථාවරභාවය නිසා එය ආපස්සට හැරවුණේ යැයි ඔහු චෝදනා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම සමග දැන් නැවතත් කොටස් වෙළෙඳපොළ වේගයෙන් ඉහළ යමින් ව්‍යාපාරිකයන් අතර ලොකු විශ්වාසයක් ගොඩනැගී ඇතැයි ද මෙතෙක් කල් මෙරටට නොපැමිණි ආයෝජකයන් කැඳවාගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමට තමා කටයුතු කරන්නේ යැයි ද අමාත්‍ය රණතුංග මහතා පැවැසීය.
ජාතික ආරක්ෂාව ස්ථාවර වෙද්දී විදේශිකයන් පැමිණීම අනිවාර්යෙන්ම ඉහළ යනු ඇතැයි ද අමාත්‍ය රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංචාරක කර්මාන්තයේ ව්‍යවසායකයන්ට අත හිත