IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංචාරක ආදායම් සියයට 10.2 කින් ඉහළට

2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 එම කාලසීමාවේදී ලැබුණු ඩොලර් මිලියන 1,251.6ක ආදායම හා සැසඳීමේදී සියයට 10.2ක වර්ධනයකි.
කෙසේ වෙතත් රුපියල් වටිනාකම් අනුව සැලකීමේදී මේ වසරේදී එය රුපියල් බිලියන 409.2ක් වන අතර, පසුගිය වසරේදී හිමි වූ රුපියල් බිලියන 388.8 හා සැසඳීමේදී සියයට 5.2ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී පසුගිය වසරේ වසරේ මුල් මාස හතරට සාපේක්ෂව මේ වසරේ එම කාලසීමාවේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාවේ සියයට 14.3ක වර්ධනය මේ සඳහා හේතුව වී තිබේ. දත්ත පෙන්වා දෙන ආකාරයට මේ වසරේ මුල් මාස හතර තුළදී සංචාරකයන් 896,884ක් පැමිණ ඇති අතර, පසුගිය වසරේ එම කාලසීමාවේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 784,651ක් පමණකි.
එසේම මේ වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයන් 174,608ක් මෙරටට පැමිණ ඇති අතර, ඒ හරහා ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 256.7 ක් එනම් රුපියල් බිලියන 76.6කි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම් 148,867ක් වාර්තා වී ඇති අතර, ලැබුණු ආදායම ඩොලර් මිලියන 225.7 ක් එනම් රුපියල් බිලියන 67.6 කි.
මේ අතර පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සංචාරකයන් මිලියන 2කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණි අතර, රුපියල් මිලියන 3,168.6ක සංචාරක ආදායමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එය 2023 වසරේදී හිමි වූ රුපියල් මිලියන 2,068 හා සැසඳීමේදී සියයට 53.2ක වර්ධනයක් පෙන්නුම් කළේය. 2023 එම කාලසීමාවේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.48 ක් විය. 

 



අදහස් (0)

සංචාරක ආදායම් සියයට 10.2 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site