විමුක්ති එස් රුද්‍රිගු
මෙරට සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 106.9 ක මූල්‍ය සහායක් අනුමත කළ බව ආසියානු සංවර්ධන බැංකුව ඊයේ (01) ප්‍රකාශ කළේය.
බෝවන රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගන්නා උත්සාහය වැඩිදියුණු කිරීමට සහ සෞඛ්‍ය අංශයේ පාලන කටයුතු පුළුල් කිරීමටත්, කළමනාකරණ ධාරිතාව වැඩි කිරීමටත් ඩොලර් මිලියන 106.9 මූල්‍ය පැකේජය සහායක් වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය. මෙම මූල්‍ය පැකේජයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍ය සහායක්ද, වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර භාර අරමුදලෙන් ලබාදෙන මිලියන 6.9 ක ප්‍රදානයක්ද අයත්වන බව එම බැංකුව ප්‍රකාශ කළේය.
ලබාදුන් මූල්‍ය සහාය පිළිබඳව අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා ප්‍රකාශ කර සිටියේ සැමට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සහ ගුණාත්මකභාවය සහතික කිරීමේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ජයග්‍රහණ ලබා තිබෙන බවයි. එහෙත් ආයු අපේක්ෂාව වැඩිවීම සහ ජීවන රටා වෙනස් වීමත් සමග වැඩිහිටි සෞඛ්‍ය සේවා අවශ්‍යතා සහ බෝ නොවන රෝග වැඩි වෙමින් තිබෙන බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
ජන විකාශන සහ රෝගීන් වාර්තා වීමේ රටාව වෙනස්වීමත් සමග රෝගීන් කේන්ද්‍ර කරගත් ප්‍රතිකාර සහ ධාරිතාව ඉහළ දමා ගනිමින් සත්කාර සේවා ඵලදායී ලෙස සැපයීමට ශක්තිමත් ද්විතියික සත්කාර සේවයක් අවශ්‍ය බව කඩෝනෝ මහතා පැවැසුවේය. ප්‍රතිඵල පදනම් කරගත් ණය වැඩසටහන මගින් රට පුරා ද්විතීයික සත්කාර සේවාවල ගුණාත්මකභාවය, ධාරිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
ඉන් මෙරට ද්විතීයික රෝහල්වල ඒකාබද්ධ සහ රෝගී කේන්ද්‍රීය ශල්‍යකර්ම සහ විශේෂඥ ප්‍රතිකාර සේවා ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය. මින් ශ්‍රී ලංකාවේ වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කරනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය පද්ධතිය නංවන්න ADB වෙතින් ඩො.මි.106.9 ක්