( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු, සංචාරකයන් ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා කාලය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදු ලේඛන ගතකරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද( 12) පැවසීය.
කිසිවෙකු මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ අනාගතයට දැඩි ලෙස බලපාන හෙයින් මෙම තීරණය ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ජනවාරි 21 දා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක නියෝජිත ආයතන, හෝටල් හිමියන් සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක රියදුරන් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
සංචාරකයන්ට නැවත රට විවෘත කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වීමේදී සංචාරක ආයතන විසින් සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවත් සංචාරකයන් ගමන් කරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් අධිකාරියට පූර්ව දැනුම් දීමක් සිදු කළයුතු බවත් ඇමතිවරයා මෙහිදී කීවේය.
එම දැනුම් දීම කළවිට සංචාරකයන් මෙරටට පැමිණීමේ සිට ඔවුන් මෙරට සංචාරය කරනු ලබන ස්ථාන හා ඔවුන්ගේ පිටවයාම දක්වා අධිකාරිය පූර්ණ අධීක්ෂණයකට ලක්කරන බවත්, මේ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කරන බවද ඇමතිවරයා කිවේය.
කටුනායක හා මත්තල ගුවන්තොටුපල 21 වන දින සිට ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද ඇමතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
සංචාරකයන් දිවයිනට පැමිණීම වෙනමත්, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයන් දිවයිනට පැමීණීම වෙනමත් සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපලේදී හෝ රට තුලදී සංචාරකයන් මෙරට වැසියන් හා මුහු නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයිද කීවේය.
කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය බලධාරීන් අනුමත නොකරන කිසිදු රටකින් සංචාරකයන් ගෙන්වීමේ කිසිදු සූදානමක් නැතැයිද ඇමතිවරයා කීවේය.
සංචාරකයන්ගෙන් මෙරට වැසියන්ටත්, මෙරට වැසියන්ගෙන් සංචාරකයන්ටත් කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම වෙනුවෙන් ගතහැකි ගතයුතු සියලු පියවර රජය ගෙන ඇති බවද ඇමතිවරයා කීවේය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින සංචාරක ආයතන අසාදු ලේඛනයට