භානුක අමරසිංහ

සෞඛ්‍ය සේවා අංශය සම්බන්ධයෙන් සිදු කරන රජයේ නියාමනය පරෙස්සමින් සිදු නොකළොත් එම අංශය වෙත ලැබෙන ආයෝජන සඳහා එය තර්ජන එල්ල කරනු ඇතැයි ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.
2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් කරමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කර තිබේ. “අද වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන නියාමනය ඉහළ නැංවීමක් පිළිබඳව කතා බහක් සිදු වෙනවා. එහෙත් මෙම නියාමන කටයුතු වඩාත් පරෙස්සමින් යුතුව සකස් නොවුණහොත් එය එම ක්ෂේත්‍රයේ තාක්ෂණය සහ ධාරිතාව සඳහා සිදු කරන අනාගත ආයෝජන වෙත තර්ජනයක් වේවි.“ සභාපතිවරයා පවසා සිටියි.
මේ අතර අද වනවිට මෙම නියාමන පරිසරය වඩාත් ශක්තිමත් වී ඇති බව පෙන්වා දෙන පතිරගේ මහතා, ඒ හරහා පෞද්ගලික සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජනතාව අතර විශ්වාසයක් ගොඩනැගෙමින් පවතින බවත් සඳහන් කරයි.
මීට අමතරව අද වනවිට මෙරට සෞඛ්‍ය සහ රෝහල් අංශය මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳවද සභාපති පතිරගේ මහතා මෙහිදී කරුණු දක්වා තිබේ. ඒ අනුව මෙම වසරේ පළමු අර්ධයේදී වෛද්‍ය උපකරණ සඳහා පැනවූ වැට් බදු සහ බලශක්ති පිරිවැයෙහි සිදු වූ ඉහළ යෑම සිය මෙහෙයුම් ආන්තික වෙත පීඩනයක් එල්ල කළ බව ඔහු පවසා තිබේ.
“පෞද්ගලික අංශයේ සේවා සම්පාදකයන් ලෙස දැනට පවතින තරගකාරීත්ව පීඩනය හේතුවෙන් මෙම මිල-සංවේදී වෙළෙඳපොළේ ඉහළ යන මෙම පිරිවැය දරා ගැනීමට අපට සිදුව තිබෙනවා.”
එසේම පුහුණු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් තවදුරටත් රට හැරයාම හේතුවෙන් දක්ෂයන් රඳවා තබා ගැනීම සහ සේවා අඛණ්ඩතාව වෙත අභියෝග එල්ල කර තිබෙන බවත් සභාපතිවරයා පවසයි.
“මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් වරින්වර ඇතිවන හිඟතාව හේතුවෙන් ප්‍රතිකාර කටයුතු වෙත බාධා එල්ලවීමක් සිදු වෙනවා. ඒ නිසා වඩාත් ප්‍රත්‍යස්ථ සැපයුම් දාමයක අවශ්‍යතාව අපි යළිත් අවධාරණය කරනවා.” සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 21
184
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සෞඛ්‍ය අංශයේ රාජ්‍ය නියාමනය පරෙස්සමින් සිදු නොවුණොත් ආයෝජනවලට තර්ජනයක්