කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 1ක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. 
ඒ අනුව මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලු‍තින් එක් කොටසක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව නිකුත් කෙරෙන කොටස් සංඛ්‍යාව 4,313,992කි. මෙහිදී එක් කොටසක් රුපියල් 240ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුව හරහා රැස් කෙරන සමස්ත මුදල රුපියල් 1,035,358,080 කි.