IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෂැංහයි නුවර ප්‍රදර්ශනයේ ‘සිලෝන් ටී’

නවෝද්‍යා පවනි

වෙළඳපොළ අවස්ථා වැඩි වශයෙන් විවෘත කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ රටේ නිෂ්පාදන අංශයේ විදේශ ආයෝජන සඳහා ඇති සියලු‍ සීමාවන් ඉවත් කිරීම සඳහා චීනය අඛණ්ඩව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව චීන අග්‍රාමාත්‍ය Li Qiang පවසයි.

ඔහු මේ බව පැවසුවේ හයවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ (CIIE) සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. මෙම ප්‍රදර්ශනයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියක් ද ඇති අතර, එහි මෙරට තේ ප්‍රචලිත කිරීම වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර තිබෙනු දක්නට ලැබුණි. එසේම මෙම කුටියට චීන ජාතිකයන්ගේ විශේෂ උනන්දුවක්ද ඇති බව පෙනුනි. 

ෂැංහයි හි පැවති මෙම උත්සවය අමතමින් ලී පැවසුවේ බිලියන 1.4 කට වැඩි ජනගහනයක් සහ මිලියන 400 කට අධික මධ්‍යම ආදායම්ලාභී පිරිසක් සිටින චීනය වෙළඳපල ඉල්ලු‍ම අනුව විශාල විභවයක් ඉදිරිපත් කරන බවත්, චීනය සිය වෙළෙදපළ අවස්ථා සෙසු රටවල් සමග බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි. එසේම ඉදිරි වසර පහ තුළ චීනයේ භාණ්ඩ හා සේවා ආනයනය සමුච්චිත වශයෙන් ඩොලර් ට්‍රිලියන 17 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ලෝකයේ අනෙකුත් රටවල් සමඟ කටයුතු කිරීමටත්, හමුවී සාකච්ඡා කිරීමටත්, විවෘත වේදිකාවක දී අන්‍යෝන්‍ය ජයග්‍රහණ අත්කර ගැනීමටත් චීනය අවංකවම බලාපොරොත්තු වෙනවා,”‍ යනුවෙන් ද චීන අගමැතිවරයා මෙහිදී පවසා තිබේ.



අදහස් (0)

ෂැංහයි නුවර ප්‍රදර්ශනයේ ‘සිලෝන් ටී’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site