ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ ආහාර නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහයේ නව සභාපතිනිය ලෙස වත්මන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂිමාලි (ෂියා) වික්‍රමසිංහ මහත්මිය පත් කර ඇතැයි එම සමූහය පවසයි. 2026 ජූලි 6 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදු කර ඇති අතර, ඇය ඉදිරියටත් CBL ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සහ CBL සමූහයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන බවත් සඳහන් වෙයි.
2015 සිට CBL සමූහයේ සභාපති ධුරය හෙබවූ අභාවප්‍රාප්ත රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතාගෙන් පසු ඇය මෙලෙස එම තනතුරට පත්ව තිබේ. මෙම පත්වීමත් සමගින් 1968 දී ව්‍යාපාරය ආරම්භ කළ CBL හි නිර්මාතෘ, අභාවප්‍රාප්ත ජනාධිපති සම්මානලාභී මිනේක වික්‍රමසිංහ මහතාගේ නායකත්ව උරුමය අඛණ්ඩව පවත්වාගෙන යාම සනිටුහන් වන බවත් සමාගම පවසයි. ෂියා වික්‍රමසිංහ මහත්මිය මිනේක වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් දියණියයි.
වෘත්තියෙන් ආහාර තාක්ෂණවේදිනියක වන ෂියා වික්‍රමසිංහ මහත්මිය 1991 දී සිලෝන් බිස්කට් සමාගමට සම්බන්ධ විය. පසුගිය දශක තුන තුළ ඇය සමූහය පුරා නායකත්ව භූමිකා කිහිපයක්ම දරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd