IMG-LOGO

ශ්‍රීලංකන් වෙතින් oneworld25 Roadshow සත්කාරකත්වය

ශ්‍රීලංකන් ගුවන් සේවය, oneworld සන්ධානයේ 25 වැනි සංවත්සරයට සමගාමීව, පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී “oneday. oneteam. oneworld25” තේමාවට අනුව “oneworld25 Roadshow” සඳහා සත්කාරකත්වය සපයන ලදී. 

ලොව පුරා සංචාරය කරමින් oneworld සන්ධානයේ සාමාජික ගුවන් සේවා සමාගම්වල මව් රටවල් වෙත සංචාරය කරන “oneworld25 Roadshow” ශ්‍රී ලංකාවද එහි එක් ප්‍රධාන ගමනාන්තයක් ලෙස සලකුණු කරන ලදී. 2014 වසරේ සිට oneworld සන්ධානයේ ගෞරවනීය සාමාජිකයකු ලෙස කටයුතු කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, ගෝලීය ගමනාන්ත 1,000 ආවරණය කරමින් සි‍ය මගීන් වෙත පහසුකම් සලසමින් සුවපහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබා දීමට හැකි වී ඇත.

“oneworld25 Roadshow” මගින්, සන්ධානයේ දැක්ම හා අරමුණු යළි අවධාරණය කරමින්, සිය සමාජික ගුවන් සේවා සමාගම්වල සේවකයන්ට ඔවුන්ගේ වෘත්තීය දියුණුව සහ කාර්ය සාධනය උසස් කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම, එමෙන්ම සේවකයන් වෙත ලැබෙන ප්‍රතිලාභ ගැන ඔවුන්ට අවබෝධ කර දීම අපේක්ෂා කෙරේ. oneworld සන්ධානය ලොව පුරා සංචාරය කරමින් ගුවන් මඟීන් වෙත පහසුකම් සලසමින් ඉදිරියට යන ගමනේ සාඩම්බර කොටස්කරුවකු වෙමින් ශ්‍රීලංකන් ගුවන් සේවය ද සිය මගීන් වෙත සුව පහසු ගුවන් ගමන් ඇත්දැකීමක් ලබා දීම සඳහා කැප වී කටයුතු කරයි. 



අදහස් (0)

ශ්‍රීලංකන් වෙතින් oneworld25 Roadshow සත්කාරකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site