ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාල ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නවතම ශ්‍රීලංකන් විකුණුම් කාර්යාලය අනුරාධපුර නගරයේදී අද දින (20) විවෘත කිරීමට නියමිතය.
පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් පිහිටුවන ලද නවවැනි විකුණුම් කාර්යාලය මෙය වේ. මෙම කාර්යාලය විවෘත කිරීමත් සමඟ සංචාරක විධි පහසුකිරීම සඳහා අවශ්‍ය සියලුම කාර්යයන් එකම ස්ථානයකින් කරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වනු ඇත.
මෙම විකුණුම් කාර්යාලයේ මගී නියෝජිත මෙහෙයුම්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ ට්‍රැවල් කෙයාර් ග්ලෝබල් (Travel Care Global (Pvt) Ltd ) ආයතනය වන අතර නො: 522/1-C මෛත්‍රීපාල සේනානායක මාවත, අනුරාධපුර යන ස්ථානයේදී මෙම කාර්යාලය විවෘතව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක් අගය කරන්නවත් සමහරු දන්නෙ නැහැ (නි)
මොනදේ වුනත් ඒ අපේ දේ.අපි හැමෝම ඒ දේ අගේ කරමු, දැන්වත් එයාල වැරදි හදා ගනී සුබ පැතුම් (බ)
මොනදේ වුනත් ඒ අපේ දේ. අපි හැමෝම ඒ දේ අගේ කරමු, දැන්වත් එයාල වැරදි හදා ගනී සුබ පැතුම් (බ)
මොනදේ උනත් ඒ අපේ දේ.අපි හැමෝම ඒ දේ අගේ කරමු,දැන්වත් එයාල වැරදි හදා ගනී. සුබ පැතුම්. (ස)
ශ්‍රී ලංකන් කියන්නේ මිනිස්සුන්ට හරියට සලකන්නේ නැතිම ගුවන් සේවය. අනික අඩුවෙන්ම සලකන්නේ ලංකාවේ මිනිස්සුන්ට. විශේෂයෙන්ම, බඩු නැතිවෙනවා වැඩියි. බෑග් විසිකරලා කඩල දානවා. මම නම් ශ්‍රී ලංකන් ටිකට් ගන්නේ වෙන එකක් ඇත්තෙම නැති නම් විතරයි. ශ්‍රී ලංකන් අයට ශ්‍රී ලංකන් එපා වෙන විදියටම තමයි ගුවන් සේවිකාවෝ වැඩ කරන්නේ. එයාර් ෆ්‍රාන්ස් සහ ජේඒඑල් සහ ඒඑනඒ මම දැකපු සාධාරණ මිලට හොඳ සේවයක් දෙන හොදම ගුවන් සේවාවන්. (බ)
ශ්‍රී ලන්කන් කියන්නේ මිනිස්සුන්ට හරියට සලකන්නේ නැතිම ගුවන් සේවය. අනික අඩුවෙන්ම සලකන්නේ ලංකාවේ මිනිස්සුන්ට. විශේෂයෙන්ම, බඩු නැතිවෙනවා වැඩියි. බෑග් විසිකරලා කඩල දානවා. මම නම් ශ්‍රී ලන්කන් ටිකට් ගන්නේ වෙන එකක් ඇත්තෙම නැති නම් විතරයි. ශ්‍රී ලන්කන් අයට ශ්‍රී ලන්කන් එපා වෙන විදියටම තමයි ගුවන් සේවිකාවෝ වැඩ කරන්නේ. (ර)
ශ්‍රීලන්කන් තිබුනට වැඩක් නැහැ. ලංකාවට යුරෝපයේ ඉදල ගිය කාලයක් මට මතක නැහැ එමොකද, පලවෙනි කාරණය ගණන්. දෙවෙනි කාරණය ලංකාවේ අපිට සලකන්නේ බොහොම අඩුවෙන් අපි කළු හම තිබෙන මිනිසුන් නිසා දැන්වත් තේරුම් ගන්න නාලකගේ කතාවත් හරියට, හරි. (ර)
මම අවුරුදු 34 ක් යුරෝපයේ සිට ආවා ගියා.තමන්ගේකමට ඉවසාගෙන එයාර් ලංකාවේ නැග්ගේ. සේවය අන්තිමයි. සුද්දාට එක විදියක්. අපිට එක විදියක්. මැදපෙරදිගින් නඟින අයට තව විදියක්. ඇයි අපි කළුද ? සිංහලෙන් කතා කලොත් සැළකිල්ල අඩුයි. අපි දෙන්නේ සල්ලි නෙමෙයිද? මුලින්ම මඟීන්ට සුහදව සළකන හැටි කියාදෙන පාඩම් මාලාවක් ආරම්භ කළොත් හොඳයි. (නි)
මම අවුරුදු 34 ක් යුරෝපයේ සිට ආවා ගියා. තමාගේ කමට ඉවසාගෙන එයාර් ලංකාවේ නැග්ගේ. සේවය අන්තිමයි. සුද්දට එක විදියක් අපිට එක විදියක්. මැද පෙරදිගින් නගින අයට තව විදියක්. ඇයි අපි කළුද ? සිංහලෙන් කතා කොලොත් සැලකිල්ල අඩුයි. අපි දෙන්නේ සල්ලි නෙවෙයිද? ඔක්කොටම ඉස්සෙල්ල මගීන්ට සුහදව සලකන හැටි කියා දෙන පාඩම් මාලාවක් ආරම්භ කලොත් හොඳයි. (නදී)
මට හිතාගන්න බැහැ මමත් දැනට වසර 8 පමණ යනවා එනවා මේ මගීන් කියන්නේ අැත්තද කියල මොනවා වුනත් මගීන් කියන අදහස් පිළිගෙන දියුණු කරන්න (බ)
ඇත්තමයි, ගොඩක් හොඳයි! (නි)
සුබ පැතුම්! (නි)
මීටපෙර කරන්නට තව බොහෝ දේ ඇත (නි)
ගුණාත්මක සේවයකට සුබ පැතුම්! (නි)
ආපෝ ඇත්ත! ගුවන් සේවිකාවන් ගැන නම් කියලා වැඩක් නැහැ (නි)
මේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාව ගුණාත්මක බවින් අඩුබවය. එම නිසා ගුවන් සමාගම මුලින්ම කළයුත්තේ සේවාවේ ගුණාත්මක බව ඉහළ දැමීම හා සහන මිල ගණන් හඳුන්වාදීමයි. පසුවයි ප්‍රවර්ධන කටයුතු කිරීම කළයුත්තේ. (නි)
ශ්‍රී ලංකන් කාර්යාල 100 ක් ඇරියත් වැඩක් නැහැ. ශ්‍රි ලංකන් එකේ ඒවාට වඩා වෙනත් ඒවායේ ගාන අඩුයි. කාලය පැයක් දෙකක් වෙනස් වෙන එක විතරයි තියෙන්නේ. අඩුම තරමේ ලංකාවේ මිනිස්සුන්ටවත් ටිකක් ගාණ අඩුවට දෙනවානම් ලංකාවේ අයවත් යාවි (බ)
හැදෙනවා නම් ප්‍රතිචාර ටික බැලුවත් ඇති (නි)
සුබ පැතුම්! (නි)
මිනිසුන්ගේ ඇති අකමැත්ත ප්‍රතිචාර වලින්ම පේනවා (නි)
මෙම ගුවන් සමාගමේ වැරදි වලට වගකියන්න ඕනෑ කවුද? (නි)
හොඳ වැඩක් කරද්දී විවේචන එනවා තමයි (නි)
යුරෝපයේ සිට ලංකාවට යාමට සහ නැවත ඒමට මිල අඩු සේවයෙන් ඉහළ වෙනත් මැදපෙරදිග ගුවන් සේවා තිබෙනවා. මිල ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වඩා නිතරම යුරෝ 200 කට වඩා අඩුයි. සේවයත්, සැළකීමත් ශ්‍රී ලංකා ගුවන් සේවයට වඩා ඉහළයි (නි)
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් යන්නේ යානයටත් අඩි 20ක් උඩින්. ඒගොල්ලන් ලංකාවේ ගුවන් මඟීන් දැක්කහම මුහුණ ඇඹුල් කරගන්නවා. පළමුව සේවාවේ ගුණාත්මකභාවය වැඩිකරන්න. එහෙම නැතුව ශාඛා කාර්යාල හැමතැනම විවෘත කළත් වැඩක් නැහැ. (නි)
ශ්‍රී ලංකා ගුවන් සේවය ලාබ ලබන සේවයක් වන්නට නම් , එහි ගුවන් බලපත් මිල අනික් ඒවාට මෙන් තරඟ කාරී අඩු මිලකට ලාංකිකයන්ට ලාබා දීමත් , ගුවන් යානයේ සේවක සේවිකාවනට , වෙනත් ගුවන් සේවක සේවිකාවන් ලෙස සියලුම අයට වෙනසක් නොමැතිව සැලකිමට ඉගෙන්විමත් ඉගැන්විය යුුතුයි. (ත)
ශ්‍රී ලංකන් කාර්යාල 100 ක් ඇරියත් වැඩක් නැහැ. ශ්‍රි ලංකන් එකේ ඒවාට වඩා වෙනත් ඒවායේ ගණන අඩුයි. කාලය පැයක් දෙකක් වෙනස් වෙන එක විතරයි තියෙන්නේ. අඩුම තරමේ ලංකාවේ මිනිසුන්ටවත් ටිකක් ගාණ අඩුවට දෙනවා නම් ලංකාවේ අයවත් යාවි (නි)
හොඳයි. සුබ පතනවා (නි)
මම නම් යන්න එච්චර කැමති නැහැ (නදී)
දන්නා කෙනෙක් යන්නේ නැති එයාර් ලයින් එක ! (ස)
අපි ශ්‍රීලංකන් කියා යන්න යනවා අපට තම උන්ගේ ආඩම්බර පෙන්නනේ. වෙන රටවල මිනිස්සුන්ට හොදා . (අ)
එයාලගේ ආඩම්බර බලන්න - දන්නා කෙනෙක් යන්නේ නෑ (ම)
එයාලගේ ආඩම්බර බලන්න - දන්නා කෙනෙක් යන්නේ නෑ (ම)