(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාරය පැමිණෙන තෙක් බලා සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ විවේකාගාරය තුළ දී නවතම සිනමා දර්ශන නැරඹීමේ අවස්ථාව අද (10) සිට උදා කර දී තිබේ.
ඇමෙරිකානු සහ ප්‍රංශ සමාගම් එක්ව හදුන්වා දී ඇති නවතම ස්කයි ලයිට් තාක්ෂණය ඔස්සේ වර්චුවල් රියැලිටි සිනමා අත්දැකීම ගුවන් මගීන්ට ලබා ගත හැකි වේ.
මේ මගින් අති නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඇලෝ ස්කයි සහ ස්කයි කිඩ්ස් හෙඩ් සෙට් මගින් නවතම චිත්‍රපට ටෙලි නාට්‍ය ටු ඩී සහ ත්‍රී ඩී තාක්ෂණය ඔස්සේ කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටි ගුවන් මගීන්ටත් නරඹා රස විදිය හැක.
ඉදිරියේදී මෙම පහසුකම් දිගු දුර ගමනාන්ත කරා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් යානා වෙත ද හඳුන්වා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි.
මෙම ත්‍රිමාන එච්.ඩී සිනමා රසාස්වාදනය ආසියානු කළාපයට පළමුවෙන්ම හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටවල් 48 ක ගමනාන්ත 111 කරා නවීනතම එයා බස් ගුවන් යානා මගින් පියා සැරීම සිදු කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලන්කන් මගී විවේකාගාරයට නවතම සිනමා අත්දැකීමක්